හතරවන වාරිකය සදහා කොන්දේසි දෙකක් ඉටු කළ යුතු බව IMF නැවත අවධාරනය කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට එළඹීම සඳහා ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කළ යුතු ප්‍රධාන කරුණු 2ක් පිළිබදව IMF නැවතත් අවධාරණය කරයි. ඒම කොන්දේසි වන්නේ, පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීමයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට කඩිනමින් ළඟාවීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් (Julie Kozack) පෙන්වා දෙන්නේ ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් IMF එකඟතා සම්පූර්ණ කළ යුතුව ඇති බවය. ඇය මේ බව සඳහන් කළේ සති පතා පැවැත්වෙන IMF තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ පළමු වාරිකය ලෙස 2024 මාර්තු මස 21 දින අමෙරිකානු ඩොලර් මිලියන 330ක මුදලකුත්, 2024 දෙසැම්බර් මස 14 වැනිදා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 337ක මුදලක් ලබාදෙන ලදී. ඉන් පසුව එහි තෙවන වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 336ක මුදලක් මෙරටට ලබාදුන් අතර සිවු වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 344ක් ලැබීමට නියමිතව ඇත.

https://www.imf.org/en/Videos/view?vid=6373230770112

Social Sharing
ආර්ථික නවතම පුවත්