රුපියල් ලක්ෂ පහක අල්ලස්ගත් පොලිස් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට.

රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මතය.

පැමිණිලිකරු විසින් මිලදී ගෙන ඇති ඉඩමකට අදාළව පවතින ආරවුලක් විසඳා සමතයකට පත්කර දීම සඳහා සහ පැමිණිලිකරුගේ ඉඩම් කටයුතු කරදරයකින් තොරව කර ගෙන යෑමට අවශ්‍ය කටයුතු කරවා දීම වෙනුවෙන් මෙම මුදල අල්ලසක් ලෙස ඉල්ලා ඇති බවට වාර්තා වේ.

පසුව අදාළ රු ලක්ෂ 5ක මුදල අයැද භාරගැනීමේ චෝදනාව මත පොලිස් ස්ථානාධිපතිවරයාව ඊයේ (21) සවස පුවරසන්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ නිල රාජකාරි කාර්යාලයේ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Social Sharing
අවකාශය පුවත්