බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වී (Brexit) පස් වසරකට පසුව යුරෝපා සංගමය සමග ඉකුත් 19 දා නව ගිවිසුමකට එළඹී ඇත. මෙම ගිවිසුම බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය අතර විශේෂ සමීප සම්බන්ධයක් නැවත ඇති කිරීමට අතීශයින්ම ඉවහල් වේ. එම ගිවිසුමට අනුව,
1. වෙළඳ, ආර්ථික, ආහාර සහ පරිභෝජන (SPS) සහයෝගිතාවය තහවුරු කරණු ඇත. එමගින් මස් නිෂ්පාදන හා කෘෂි නිෂ්පාදන ඒ ඒ වෙළදපොළ වෙත ඇතුල්වීම පහසු කරන අතර ආහාර මිල අඩු කිරීමට සහ වෙළඳ ද්‍රව්‍යය වල විවිධත්වය හා සුලබ බව වැඩි කිරීමට කටයුතු යෙදෙනු ඇත.
2. බ්‍රිතාන්‍යයේ ආර්ථික වර්ධනයට මෙම ගිවිසුම මගින් යහපත් බලපෑමක් ඇති කරණු ඇත. විශේෂයෙන්ම යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් (Brexit) සමග බ්‍රිතාන්‍යය ආර්ථිකයට සිදුවූ අයහපත් බලපෑම අවම කරගැනීමට මෙම ගිවිසුම මගින් අපෙක්ෂා කෙරේ. 2040 වන විට බ්‍රිතාන්‍යය ආර්ථිකයට පවුම් බිලියන 9කට ආසන්න ආදායමක් මෙම ගිවිසුම මගින් ලබාදෙනු ඇතැයි ද බලාපොරොත්තු වේ.
3. මෙම ගිවිසුම මගින් ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වෙනු ඇත. ගිවිසුම අනුව 2038 දක්වා යුරෝපියානු ධීවරයන්ට බ්‍රිතාන්‍යය මුහුදේ ධීවර කටයුතු කිරීමට අවසර ලබා දේ. ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය ධීවර ප්‍රජාවෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇත. ගිවිසුමේ මෙම කොටස සම්බන්ධයෙන් දැඩිව විවෙචන එල්ල කරන විරුද්ධ පක්ෂ එමගින් බ්‍රිතාන්‍යය ධිවරයින් කබලෙන් ලිපට ඇද දමා ඇති බව ද, බ්‍රිතාන්‍යයේ ස්වාධිපත්‍යය උල්ලංඝනය වී ඇති බව ද දක්වයි.
එහෙත් සැමන් මත්ස්‍ය නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන් මෙම ගිවිසුම ඉහලින්ම අනුමත කර සිටී. මන්දයත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වී (Brexit) වීමෙන් පසුව සැමන් මත්ස්යය නිෂ්පාදන යුරෝපයට අලෙවි කිරීමට පැවැති බාධාක මින් ඉවත්වන නිසාය. බ්‍රිතාන්‍යයේ වඩාත්ම සංවිධානාත්මක ධීවර ප්‍රජාවක් වන ස්කොට්ලන්ත ධීවර සංගමය මෙම ගිවිසුම ඔවුන්ට අවාසිදායක බලපෑමක් ඇති කරනු ඇති බව දක්වයි.
4.මෙම ගිවිසුම ඔස්සේ බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය අතර නව ආරක්ෂක සහයෝගිතාවයක් ගොඩනැගේ. ජාතික හා කලාපීය ආරක්ෂාව, ආරක්ෂක ක්ෂේත්‍ර අතර අන්තර් සම්බන්ධය සහ මිලිටරි උපකරණ වෙළදාම මෙම නව ගිවිසුම ඔස්සේ යළි ස්ථාපිත කරණු ඇත. ඒකාබද්ධ ආරක්ෂක අරමුදලක්ද පිහිටවනු ඇත.
5. අපරාධ නීති ක්‍රියාමාර්ග අතර අන්තර් සම්බන්ධය යලි ක්‍රියාත්මක කිරීම, අපරාධ යුක්තිය ඉටුවීම සහ අපරාධ සම්බන්ධ තොරතුරු හුවමාරුව වඩාත් සක්‍රිය කිරීමට මෙම ගිවිසුම අනුව ගිවිසුම් ගතවේ. එමගින් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම පහසු කිරීම, මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු හුවමාරුව, නිතී විරෝධී සංක්‍රමණ අවම කිරීම සහ Europol සමඟ බ්‍රිතාන්‍යය ආරක්ෂක සේවයන්ට වැඩ කිරීම පහසු කරනු ඇත. නව සැලසුම්වලට ද එලඹෙනු ඇත.
6. යුරෝපයේ හා බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 18- 30 අතර තරුණ/තරුණියන්ට සංචරණයට, අධ්‍යාපනය ලැබීමට (Erasmus හා සම්බන්ධවීමට) හා රැකියා කිරීමට අවස්ථාව හිමිවෙනු ඇත. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමග අහිමිවූ එම අයිතිය නැවැත තහවුරුවීම සම්බන්ධයෙන් ඉතා යහපත් ප්‍රතිචාරයක් ශිෂ්‍යය ප්රජාවන්ගෙන් ලැබී තිබේ. මෙම ගිවිසුම අනුව විස්තර කර නැති තරුණ අත්දැකීම් හුවමාරු කරගැනීමේ ක්‍රමයක් යෝජනා කර ඇත. එය තරුණ/ තරුණියන්ට එක් රටකින් අනෙක් රටට ගමන් කිරීම පහසු කිරීම අභිබවා ගිය නව සංස්කෘතික හුවමාරු වැඩසටහනක යෝජනා ක්‍රමයක් වනු ඇත.
මෙම නව ගිවිසුමේ ධීවර කටයුතු පිලිබදව එකගතාවයන්ට දැඩ් විරෝධයක් එල්ලවුව ද සමස්ථයක් වශයෙන් ගිවිසුම පිලිබදව ඇත්තේ මිශ්‍ර නමුත් යහපත් ආකල්පයක් බව පෙනී යැයි. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ ආර්ථික, ආරක්ෂක හා සංක්‍රමණික අභිලාෂයන් සම්බන්ධයෙන් මෙම ගිවිසුමට කිසියම් සාධනීය දායකත්වයක් සැපයිය හැකි බව පෙනේ. විශේෂයෙන්ම තරුණ/ තරුණියින්ට එමගින් විවරවන ඉඩ ප්‍රස්තාව අති විශාලය.
උපුටා ගැනීම: මාකස් ප්‍රියන්ත පෙරේරා