කොටහේනේ දැරියගේ මරණය සම්බන්ධව කොළඹ මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්..!

කොටහේන පාසැල් දැරිය අපයෝජනය කිරීම හේතුවෙන් සියදිවි හානිකරගැනීමට අදාල වූ නඩුව අද (19) සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කළ බව කියන සැකකාර පාසල් ගුරුවරයා පිළිබඳ විමර්ශනවල ප්‍රගතිය ජූනි මස 23 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලීසියට නියෝග කළාය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින සැකකාර සුන්දරලිංගම් සංකරන් නමැති ගුරුවරයා ද අධිකරණයේ පෙනී සිටියේ ය.

පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොළඹ උතුර කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති විසින් මෙහෙයවනු ලබන බව දැනුම් දුන්නේ ය.

සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන අතර එහි ප්‍රගතිය ඉදිරියේදී දැනුම් දෙන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය.

Social Sharing

නවතම පුවත්