විදුලිබල මණ්ඩලයේ මාර්තු කාර්තුවේ පාඩුව බිලියන 17ක්..!

ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කර ඇති ලාභ අලාභ ගිණුම් වාර්තා අනුව 2025 මාර්තු කාර්තුවේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 17කට ආසන්න වී තිබේ. 2024 වර්ෂයේ දී අදාල කාර්තුව සදහා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 88 ක ශුද්ධ ලාභයක් වාර්තාකර තිබුනි.

වත්මන් රජයේ නව ප්‍රථිපත්ති මත විදුලි බිල 30%කින් අඩු කිරීම මෙම අලාභයට ප්‍රධාන හේතුවක් වී ඇත බව පැවසේ. මෙසේ විදුලි බිල අඩුකිරීමත් සමග පසුගිය වසරට සාපේක්ෂව විදුලි බල මණ්ඩලයේ ආදායම් 45% කින් අඩු වී තිබෙන අතර විදුලි ජනනය සඳහා අවශ්‍ය මූලික වියදම් 2% කින් පමණ වැඩි වී ඇති බව පැවසේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ යෝජනා අනුව විදුලි බල මණ්ඩලයේ වියදම ආවරණය වන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීම (cost reflective pricing) අත්‍යවශ්‍ය කාරණයක් වන බැවින්, ඉතා ඉක්මනින් විදුලි ගාස්තු සශෝධනයක් සිදු විය හැකි බවත්, එය 30% පමණ ප්‍රථිශතයක් විය හැකි බවත් වාර්තා වේ.

Social Sharing
නවතම පුවත්