ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන් සමග ඊයේ (15) පැවති හමුවෙන් පසුව පළාත් සභා හා පළාත් පාලන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා මැඬලීම සදහා විමර්ශන ඒකක පිහිටුවීමට තීරණය කර තිබේ.
දූෂණ හා අක්‍රමිකතා වැලකීම සදහා අමාත්‍යාංශ මට්ටමින් පිහිටුවා තිබෙන විමර්ශන ඒකක පළාත් සභා සහ පළාත් පාලන ආයතන තුළද ස්ථාපිත කිරීම සදහා ආණ්ඩුකාරවරු විසින් ජනාධිපතිවරයාගෙන් සිදු කරන ලද ඉල්ලීම අනුව ජනාධිපතිවරයා විසින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙම සාකච්ඡාව සදහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් බණ්ඩාර සමරසිංහ, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණකුලසූරිය, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර යන මහත්ම මහත්මීහු සහභාගී වී තිබේ.