විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ පොදු මංමාවත් ස්ථාපිත කිරීමට එරෙහිව පරිසර සංවිධාන විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොණු කර තිබූ පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය වනෝද්‍යනාය හරහා ස්ථිර මාර්ග සකස් කිරීම වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතට පටහැනි බවට තීරණය කර තිබේ.
ඒ අනුව වනෝද්‍යනය හරහා රථවාහන මගින් ගමන් කිරීමට මහජනතාවට අවසර ලබා නොදෙන අතර, උද්‍යානයට ඇතුළුවීම නීත්‍යානුකූල රාජකාරි ඉටුකරන සන්නද්ධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන්ට පමණක් සීමා වේ. අනෙකුත් සියලුම ඇතුළත් කිරීම් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනතේ විධිවිධානවලට අනුකූල සිදු විය යුතු බව අදාල නියෝගයේ සදහන් වේ.
එමෙන්ම, අවශ්‍ය නම් මෙම මාර්ගය අලුත්වැඩියාවක් සිදුකරමින් මාර්ගය බොරළු පාරක් ලෙස පවත්වාගෙන යෑමට විරෝධයක් නොමැති බවද අදාල නියෝගයේ සදහන් වේ.
සීමාසහිත පරිසර පදනම, ශ්‍රී ලංකා වනජීවී හා ස්වභාව ආරක්ෂණ සංගමය, වනජීවී සහ සංරක්ෂිත ප්‍රදේශ පදනම සහ පරිසරවේදී තිලක් කාරියවසම් එක්ව ගොණුකර තිබූ මෙම පෙත්සම අවුරුදු 15ක් තිස්සේ විභාග වීමෙන් අනතුරුව අවසන් විය.