අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි ලිපි ගොනු 29,000ක්

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි ගොනු 29000කට අධික සංඛ්‍යයාවක් මේ වන විට ගොඩගැසී ඇති බව ය.

ඒ අනුව, මහා පරිමාණ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) යළි ස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පවසයි.

බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, දේශපාලන ක්‍රියාකාරීන්, විරුද්ධ පාක්ෂික ක්‍රියාකාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගැනීමට ජාතික ජන බලවේග රජයේ කිසිදු සූදානමක් නොමැති බවයි.

එමෙන්ම, අල්ලස, වංචාව, දූෂණය සම්බන්ධයෙන් වූ පනත් කිහිපයක් සහ දැනට සම්මත කර ඇති ඔන්ලයින් ආරක්ෂණ පනත තවත් සති කිහිපයකින් සංශෝධනය කර පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු කියා සිටියේ ය.

 

Social Sharing
නවතම පුවත්