ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෞෂල්‍යා ආරියරත්න විසින්, තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය පුවත් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එමගින් කෞෂල්‍යා ආරියරත්න මෙම ප්රහාරයන් විස්තර කරන්නේ, කාන්තාවන් දේශපාලනයට සම්බන්ධ වීම අධෛර්යමත් කිරීමේ උත්සාහයක් ලෙසයි.
ඇයගේ පැමිණිල්ල මගින්, මෙවැනි ලාබ උපක්‍රම මගින් කාන්තාවන් දේශපාලනයට සම්බන්ධ වීම වලක්වනු ඇතැයි කවුරුන් හෝ විශ්වාස කරනවා නම්, එය වැරදියි බවත්, මෙම උපක්‍රමවලින් රජයට කිසිදු හානියක් සිදු නොවන බවත් ඇය පවසයි.
ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ ලිපිය පහත දැක්වේ.
මේ සම්බන්ධව අජිත් පැරකුම් ජයසිංහ මුහුණු පොතේ පහත සටහන තබා තිබේ,
හිතවත් කෞශල්‍යා,
ඔබට එල්ල වන මඩ ප්‍රහාර ගැන කණගාටුයි. ඔබ දක්ෂ කෙනෙක්. මෙවැනි මඩකින් ඔබට හානියක් සිදු වන්නේ නැහැ. ඔබේ කඳවුරේ අය අපට හැමදාමත් කුලියට ලියන නාකි භල්ලන් විදියට අපහාස කරනවා. ඒත්, අප නම් ඒවා තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැහැ.
මේ පැමිණිල්ල සමග ඔබ බලාපොරොත්තු වන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ ක්‍රියාමාර්ග ගැනීමද, දණ්ඩ නීති සංග්‍රහයේ කවර වගන්තිය යටතේ ක්‍රියාමාර්ග ගැනීමද වැනි කරුණු ද සඳහන් කරනවා නම් හොඳයි. දිගු කලක් තිස්සේ ප්රජාතන්ත්රවාදය හා ප්රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි අයෙකු ලෙස එවැනි නීති පිළිබඳ ඔබගේ වර්තමාන ස්ථාවරය දැනගැනීම අපට වැදගත්.
ශක්තිමත් වන්න. අනාගතයේදී රටට අවශ්‍ය නායිකාවක් වීමේ ජීව ගුණය ඔබ සතුව තිබෙනවා. දේශපාලනික වශයෙන් වෙනස් ස්ථාවරවල සිටියත්, අපි එදා වගේම ඔබට හිතවත්.
මෙයට,
අජිත් පැරකුම් ජයසිංහ