මම ලාල් කාන්ත. වෙන මුකුත් නැහැ

අද මාධ්‍ය කාරයින්ට ලාල් කිව්ව ”මම ලාල් කාන්ත…වෙන මුකුත් නැහැ” කියල.

දේශපාලන කරන කෙනෙක් මේ ගැම්මට හිටියම හොඳටම ඇති. වෙන මොකකවත් ආධාරයක් නැතුව තමන් ලාල් කාන්ත විතරයි කියන එක උච්චාරණය කරන්න පුළුවන්කම තිබ්බොත් ඇති මිනිහෙකුට.

ලාල් කාන්ත කිව්වම මේ රටේ මිනිස්සු දන්නවා. එහෙම දන්න තැනට දේශපාලනයේ ඉඳල තියනවා.

ගෑනිගෙන් ගත්ත සංකේත ප්‍රාග්ධනයක් හරි, පවුලෙන් ආපු මොකක් හරි වාසගමක් හරි, විශ්ව විද්‍යාල වලින් ගත්ත අකුරු දෙකක් හරි තුනක් හරි නැතුව දේශපාලනය කරපු ලාල් කාන්ත කියන එක තමයි නියම උච්චාරණය.

ඒක තමයි තමන් හදාගත්ත දෙය. අනික් එවුන්ටත් කියන්නේ ඔන්න ඔහොම ඉඳපල්ලා බං. එතකොට ප්‍රශ්න අඩුයි.

– මහේෂ් හපුගොඩ

Social Sharing
නවතම පුවත්