බලය තෘප්තිමත් කිරීමට හැකි බලයට ම මිස අන් කවරකටවත් නොවෙයි. දැන් සරළ බහුතරයට එහා යන පරම බලයක් ලබා ගැනීමට jvp/npp උත්සාහ කරන්නේ ඇයි? සජිත් ජනාධිපති වී සිටියද එයම කරනු ඇති බවට පෙරළා තර්ක කළ හැක. ඔව් එය පැහැදිළිවම පිළිගත හැක. මෙහිදී පොදුවේ කිසිම කණ්ඩායමක් තමන්ට ලැබෙන බලයේ ප්‍රමාණය අඩුකරගන්නවාට වඩා පරම ලෙස වැඩි කර ගැනීමට වෙහෙසෙයි. එම අරුතින් අනුර සහ සජිත් ද රාජපක්ෂ, ජේ.ආර් වර්ගයටම අයිති වෙයි. එම නිසාම මම නිතරම තර්ක කරන්නේ පක්ෂ ක්රියාවළිය තුළ දෘෂ්ටිවාදය යනු හුදු සැරසිල්ලක්ම පමණක් වන බවයි. නමුත් බලය සමග කරන සෙල්ලම අනුව අනුර සහ සජිත් වෙනස් විය හැක.
අනුරට විධායකය අහෝසි කිරීමට ඕනෑ නම් ඒ සදහා සජිත්ගේ සහාය ලැබෙනු ඇත. නමුත් පරම බලයක් හරහා අනුර සොයන තෘප්තිය කාගේ එකක්ද?
අද ජවිපෙ බලය සම්බන්ධ උපායන් දෙකක වැඩ කරයි. ඒ දේශීය සහ විදේශීය වශයෙනි. දේශීයව තමන්ගේ ආණ්ඩු බලය උපරීම කරගැනීම හරහා සමස්ථ රාජ්‍යයම හා එහි සියලු අංශ අත්පත් කරගැනීම හා පක්ෂයේ දෘෂ්ටියට ඒ සියල්ල යට කිරීම දේශීය උපායයි. ඒ සදහා ඔවුන් තුනෙන් දෙකක් ඉල්ලයි. අනුර ට ජේ.ආර් පැරදිය හැක්කේ ඒ හරහා පමණි.
අනෙක් අතට ජවිපෙ කලාපීය වශයෙන් චීනයේ උපායමාර්ගික බල ව්‍යාපෘතිය තුළ ක්‍රියා කරනු ඇත. විශේෂයෙන්ම විජිතට විදේශ ඇමතිකම ලැබුණේ ඒ සදහාය. ඉදිරියේ දී ගම්පහින් ගිනස් වාර්තාවක් තබා විජිත වැඩිම මනාප ගන්නා විට හරිනි කැපී ඔහු ඇගමැති වෙයි. අනුර විජිත කරණය හරහා කොමියුනිට්ස් පක්ෂ කේඩරය එවිට බලය අල්ලා ගනියි. එයට ඉන්දියාව ලබා දෙන පිළිතුර හරහා රටේ පැවැත්ම තීරණය වෙයි. එම පරම බලයක් ජවිපෙට නොදිය යුතුය. මන්ද ජවිපෙ තෘප්තිමත් වන්නේ කලාපීය ඉන්දීය අණසකට එහා යාමෙන් විය හැකි නිසාය.