ඉතිහාසයේ ප්‍රථම වතාවට මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් නිරීක්ෂණය කිරීම සඳහා මාර්ගගත මෙවලමක්,
ඔබ දන්නව මේ වන විට ලංකාවේ, මැතිවරණ මූල්‍ය නියාමනය සඳහා අලුත් නීතියක් තියෙනවා (2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත – REEA). මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රථම වතාවට ඒ නීතිය ක්‍රියාත්මක වෙනව. දේශපාලඥයන් වියදම් කරන අසීමාන්තික මුදල මේ නීතිය මගින් සීමා වනු ඇත. අපේක්ෂකයන් විසින් වියදම් කරන ලද ඒ අසීමාන්තික මුදල සම්බන්ධයෙන් ඔබ දන්නා තොරතුරු මේ මාර්ගගත මෙවලම හරහා ප්‍රසිද්ධ කළ හැකිය.
මෙම මෙවලම ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලීන්හි විනිවිද භාවය සහ වගවීම ප්‍රවර්ධනය කිරීමේ දිගු කාලීන අරමුණු සඳහා සහය වීමට නිර්මාණය කර ඇත. මැතිවරණ ව්‍යාපාරයන්හිදී මුදල් වල භූමිකාව සහ ඡන්දදායකයින්ගේ තීරණ කෙරෙහි එය බලපාන ආකාරය පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීම මගින්, මැතිවරණ ප්‍රචාරක වියදම් නිරීක්‍ෂණ කටයුතුවලට ඔවුන්ගේ දායකත්වය ‘chandasallimeetare.lk’ වෙබ් අඩවිය හරහා දිරිමත් කරයි.
මෙම වෙබ් අඩවිය එක් එක් ජනාධිපති අපේක්ෂකයාගේ විස්තරය සමඟ තෝරාගත් වියදම් කාණ්ඩවලට වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ මුළු මැතිවරණ ප්‍රචාරක වියදම පිළිබඳ සවිස්තරාත්මක අවබෝධයක් සපයයි. ප්‍රසිද්ධියේ තිබේ නම්, අපේක්ෂකයාගේ වත්කම් ප්‍රකාශ, මැතිවරණ ප්‍රකාශනය සහ ඔවුන්ගේ පාර්ලිමේන්තු කාර්ය සාධනය දැක්වෙන බාහිර සබැඳි ද අපේක්ෂක විස්තරයට ඇතුළත් වනු ඇත.
පුරවැසියන් ලෙස ඔබටත්, ඔබේ ජංගම දුරකථනයෙන් හෝ පරිගණක හරහා පහසුවෙන් මෙම වෙබ් අඩවියට ප්‍රවේශ වී ඔබගේ ප්‍රදේශවල මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළ හැකිය.
මැතිවරණයකදී ඡන්දය දැමීම පමණක් පුරවැසියන්ගේ යුතුකම නොවෙයි. සාධාරණ හා සාමකාමී මැතිවරණයක් සඳහා ඔබගේ පුරවැසිය යුතුකම ඉටු කරන්න.