පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගන්න මාසයකට වියදම රු.17,014 ක් – සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

Department of Census and Statistics

මෙරට පුද්ගලයකු හට සිය අවම මූලික අවශ්‍යතා  සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය මුදල රු.17,014 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ජාතික අගයයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති මෙම අගයය එක් එක් දිස්ත්‍රික්කයට අනුව වෙනස් වන බවයි නවතම දරිද්‍රතා රේඛා සටහන නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ සිටින පුද්ගලයෙකුට දුප්පත් නොවී සිටීමට නම් රු.18,350 ක් අවශ්‍ය වන අතර, එය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25න් සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වැඩිම වැයක් දැරීමට සිදුවන දිස්ත්‍රික්කය බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

අවම අගය සටහන් වී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කය වන අතර එය රුපියල් 16,268 ක් බවයි වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

Department of Census and Statistics

Social Sharing
අවකාශය නවතම