ළමා-කාන්තා හිංසන ක්ෂණික අංක­යට පැමි­ණිලි 1,077ක්

ළම­යින්ට සහ කාන්තා­වන්ට සිදු­වන හිංසන සම්බන්ධ පැමි­ණිලි භාර ගැනීම සඳහා ළමා හා කාන්තා අප­යෝ­ජන නිවා­රණ කාර්යාං­ශය තුළ ස්ථාපිත කළ 109 ක්ෂණික දුර­ක­තන අංකය ඔස්සේ පැමි­ණිලි 1,077ක් වාර්තා වී ඇති බවත් ඉන් පැමි­ණිලි 477ක් විම­ර්ශන අව­සන් කර ඇති අතර පැමි­ණිලි 42ක් සඳහා නඩු පැව­රී­මට කට­යුතු කර ඇති බව ද පොලි­සිය පව­සයි. එමෙන්ම පැමි­ණිලි 08ක් සමථ මණ්ඩ­ලය වෙත යොමු කර ඇති අතර පැමි­ණිලි 550කට අදා­ළව විම­ර්ශන කට­යුතු ද සිදු කර­මින්ද පවතී.

ළම­යින්ට හා කාන්තා­වන්ට සිදු­වන හිංසන සම්බන්ධ පැමි­ණිලි භාර ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියා­ත්මක වන පරිදි විශේ­ෂිත ඒක­ක­යක් පසු­ගි­යදා ස්ථාපිත කළ අතර පසු­ගිය ජන­වාරි මස 4 වැනිදා සිට මේ මස 10 වැනිදා දක්වා කාලය තුළ පැමිණි පැමි­ණිලි මේ සඳහා ඇතු­ළත් වේ.

මෙහි දී [email protected] යන විද්‍යුත් ලිපි­නය හරහා සහ ක්ෂණික ඇම­තුම් අංක 109 හා 0112444444 මඟින් ජන­තා­වට ඉතා පහ­සු­වෙන් හා සෘජු­වම පැමි­ණිලි ඉදි­රි­පත් කළ හැකි අතර ළම­යින්ට හා කාන්තා­වන්ට එරෙ­හිව සිදු­වන අප­රාධ, එම අප­රාධ නිවා­ර­ණය සිදු කිරීම, ළම­යින්ට හා කාන්තා­වන්ට එරෙ­හිව සිදු කරන ලිංගික හිංසන හෝ වෙනත් ඕනෑම ආකා­රයේ හිංස­න­යන්, ගෘහස්ථ ප්‍රච­ණ්ඩ­ත්වය, ළම­යින් අනා­ර­ක්ෂිත වීම, ළමා මෙහෙ­කාර සේවය හා කෲර­ත්ව­යට පත් කිරීම සහ අන්ත­ර්ජා­ලය හරහා සිදු­වන අප­රාධ සම්බන්ධ පැමි­ණිලි සම්බ­න්ධ­යෙන් විම­ර්ශන කට­යුතු සිදු කරනු ලබයි.

Social Sharing
නවතම විශේෂාංග