අපරාධ රජයන ‘ රන් ත්‍රිකෝණය ‘

අග්නිදිග ආසියානු කලාපයේ පිහිටි චීනයට මායිම් වූ මියන්මාරය, කාම්බෝජය හා ලාඕස දේශසීමාවන් ආසන්නයේ සිදු කෙරන නූතන මිනිස් වෙළෙඳාම ආශ්රිත සංවිධානාත්මක අපරාධ ජාලය පිළිබඳ අප දැනුම්වත් විය යුතු ම මොහොතක්.
⛔ මක්නිසාද යත්,
දහසකටත් අධික ශ්රී ලාංකිකයන් බොහෝ දෙනෙක් දැනටමත් සංවිධානාත්මකව ක්රියාත්මකවන මෙම අපරාධ ජාලයෙහි වින්දිතයන් වී අවසන්. කිහිප දෙනකු දිවි බේරාගෙන මව්රට බලා පැමිණ සිටිති. තව බොහෝ දෙනෙක් ආපසු ආ නො හැකිව මේ කලාපයේ සිරවී සිටිති. ඒ අතර තව බොහෝ දෙන දැනුවත්ව හා නො දැනුවත්කම හේතුවෙන් මීට ගොදුරුවෙමින් සිටිති.
රන් ත්රිකෝණය නොහොත් ‘ Golden Triangle ‘ නමින් ජාත්යන්තර මාධ්ය ඔස්සේ පසුගිය කාලය පුරා ම පතල වූයේ මේ අවදානම් කලාපය බව ඔබ දැනටමත් දන්නවා.
⛔ ගොදුරු සොයා දැල එලීම
ඔබ විරැකියාවෙන් පෙළෙන විධිමත් අධ්යාපනයක් ලද අයෙක් වී නම්, ඔවුන්ගේ ඉලක්කය ඔබ වැනි තරුණ තරුණියන් ය. තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම්වත් ඔබ හට පරිඝණක අංශයෙහි රැකියා අවස්ථා සහ ආකර්ෂණීය ඉපැයීම් පෙන්වා අවධානය ලබා ගැනිමට ඔවුන් යුහුසුළු වෙති. එවැනි දැන්වීම් සමාජ මාධ්ය තුළින් ප්රචාරය කිරීම ඉලක්කගත ශ්රමිකයන්ගේ අවධානය දිනා ගැනීම පහසු කරවයි. මේ සඳහා පොදු ජනතාව අතර බහුලව භාවිත කෙරෙන නූතන සමාජ මාධ්ය මෙවලම් වන Whatsapp, Viber Facebook, Telegram ආදී වූ සුහුරු ප්රවේශ ඔස්සේ ඔවුන් ඔබගේ තිරය මතට පැමිණෙයි.
ආරම්භක පියවර වන්නේ ද මෙයයි.
❗ඉනික්බිතිව,
ඉලක්කගත තරුණ පිරිස්හි අවධානය ලබා ගත් පසු තායිලන්තය ඇතුළු ඉහත සඳහන් රටවලට ඇතුළුවීම සඳහා රැකියා හෝ සංචාරක වීසා ලබා දීම පිණිස සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සහාය ඔබට නො මදව ලැබෙන්නේ රැකියා අවස්ථාව පිළිබඳ විශ්වසනීයත්වය ද තහවුරු කෙරෙන ලෙසිනි.
❗ මේ ක්රියාවලිය තුළ දී ඔබට රැකියා ප්රදානය කරන්නන් ගැන කිසිදු සැකසංකාවක් ඇති නො වන පරිදි ක්රියාවලිය හැසිරවීමට ඔවුන් වගබලා ගනිති. ❗
⛔ මරණයේ මුවදොරට පිවිසීම
මූලිකව ම අදාළ තරුණයින් තායිලන්තය වෙත ගෙන්වාගත් පසුව අපරාධකරුවන් සිය මෙහෙයුම සූක්ෂ්මව දියත් කරයි. අපේක්ෂා දල්වාගත් තරුණයන් දහස්ගණන් තායිලන්තය වෙත ගෙන්වාගෙන ඔවුන් ගොඩබිම් මාර්ග ඔස්සේ සැතපුම් සිය ගණන් ප්රවාහනය කර,
– මියන්මාර
– කාම්බෝජ
– ලාඕස
,දේශසීමා වෙත කැඳවාගෙන යති.
⛔ අරාජික පෙදෙසක රජයන මිනිස් වෙළඳාම
මිනිස් වෙළඳාමට එරෙහිව ක්රියා කරන තායිලන්තය ඇතුළු මෙම රටවල් හරහා නීත්යනුකූලව දේශසීමා පසු කර එම රටවල මායිමේ පිහිටි මෝයි ( Moei) ගංගාව තරණය කර මියන්මාරයේ පිහිටි මයවඩි( Myawaddy) පෙදෙස වෙත කැඳවාගෙන යාම ජාවාරම්කරුවන්ගේ මූලික ඉලක්කයයි.
මේ ප්රදේශය රජයේ පාලනයෙන් තොර, කරෙන් ජාතික සංගමය ( Karen National Union ) නමින් හැඳින්වෙන සන්නද්ධ කැරැලිකරුවන්ගේ අණසක ය⁣ටතේ පවතින විධිමත් පාලනයකින් තොර වූ පෙදෙසකි.
ශ්රී ලංකාව ඇතුළු යාබද දකුණු හා අග්නිදිග ආසියානු රටවලින් රැගෙන එන දහස් සංඛ්යාත රැකියා අපේක්ෂිත තරුණ පිරිස් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මොහයවීම යටතේ මෙහි පිහිටි අති විශාල කර්මාන්ත (Compounds) වෙත යොමු කරනු ලබයි. KK – 1, KK – 2, Family Park, Gate 25, Shwe Koko නම් සඳහන් එම කර්මාන්ත ශාලාවන්ගෙන් පිරුණු එම භූමිය ජර්මානු ආඥාදායක හිට්ලර්ගේ වධකඳවුරුවල ඡායාවන් සිහිගන්වයි.
ඔබ එම කඳවුරකට පිවිසි මොහොතේ සිට ම ජීවිතය පිළිබඳ මරණීය අවිනිශ්චිතතාවන්ගෙන් පෙළෙන්නට පටන් ගනී. මෙය හුදෙක් ප්රලාපයක් නො ව එහි රැඳී සිට දිවි ගලවාගත්තවුන් හෙළි කළ කටුක සත්යයන්ගෙන් බිඳකි.
මෙතැනින් මිනිස් වෙළෙඳාම නිශ්චිතව ක්රියාත්මක වීම ඇරඹෙන අතර එයින් නික්ම යාම ගැලවීයාම සිහිනයක් බවට තතු දෛනිකව වාර්තා වෙමින් පවතී.
⛔ ඇතුළාන්තයට පමණක් යොමු වූ අඳුරු මංපෙත්..
යළි කිසිදිනක එළියට පැමිණීමේ සේයාවකුදු නො මැති ඇතුළාන්තයට පිවිසීමට පමණක් මං විවරව ඇති මෙම කර්මාන්ත ආශ්රිතව සිදුවන අපරාධ ‘ සයිබර් වහල්භාවය ‘ ( Cyber Slavery ) ලෙස අරුත්ගන්වා ඇත.
සමාජ මාධ්ය භාවිතයෙන් ලොවපුරා හඳුනාගත් ධනවතුන් රවටා මුදල් ගැරීම, මුදල් විශුද්ධිකරණය, මාර්ගගත වංචා (Online Scams) සිදු කිරීමට ගෙන එනු ලබන තරුණයන් එම සංවිධානාත්මක පිරිස් මගින් කෘෘර වධ බන්ධනවලට ලක් කරමින් වැඩෙහි යොදවනු ලබයි.
එහි සේවය කරන්නෙකුට හැසිරවිය යුතු සේවා ලාභීන් ප්රමාණයන් අපරාධකරුවන් විසින් නිර්ණය කරනු ලබයි. එම ප්රමාණයන් නිශ්චිත කාලරාමු තුළ ආවරණය කරගැනීමට අපොහොසත් වීම වධබන්ධනයන්ගේ ආරම්භයයි. දැඩි කායික-මානසික හිංසාවන්ට, දරුණු දඩුවම්වලට, ක්රෑර සැලකිලිවලට බඳුන් වීමට වින්දිතයින්ට සිදුවේ. රැකියා ආරම්භයේදී පොරොන්දු වූ පරිදි ලැබෙන වේතනයක් ද නැත. එම රැකියාවට බඳවාගත් හෝ ඊට උපකාර කළ කිසිවෙක් මේ අදියරයෙන් පසු දක්නට නැත.
සරලවම කිසිවෙක් උපකාරයට නැත. අඳුරු පතුලක් නො පෙනෙන ආගාධයක සිරවූවා වැනිය.
⛔ අවදානම නොතකා වියෙන දැල…
සංවේගයට කරුණක් නම්, ලොව පුරා මෙම ප්රවණතාව හඳුනාගෙන පුළුල් ප්රචාරයක් ලබාදී ඇතත් මේ අවස්ථාව වන විටත් ආර්ථික හා සමාජ ව්යසනකාරී තත්ත්වයන්ගෙන් බැටකමින් සිටිනතරුණ පිරිස් මෙම කර්මාන්තයන්ට අලුතින් එකතු වීමට යොමුවීම ඉහළ අගයක් ගැනීමයි.
ශ්රී ලංකාවෙන් ද සැලකිය යුතු පිරිසක් වින්දිතයන්ව සිටින බවට වාර්තා පෙන්වා දෙයි. ගලවා ගැනීමේ මෙහෙයුම් ද ක්රියාත්මක වෙතත් රජයේ පාලනයෙන් බැහැර ප්රදේශයක මෙම මිනිස් වෙළෙඳාම සිදුවන හෙයින් එය සාර්ථක මට්ටමක ඇති බව අපැහැදිලිය.
අග්නි දිග ආසියානු රටවල විදේශ රැකියා පිළිබඳ අවධානය යොමු කරන ඔබ මෙම ප්රවණතාව පිළිබඳව වරක් දෙවරක් නොව සියවරක් සිතා කටයුතු කිරීම ඔබගේ වටිනා ජීවිතය ජාවාරම්කරුවන්ගේ ග්රහණයට නතු වීමෙන් වළකාලනු ඇත.
❗ඔබගේ ජීවිතය පිළිබඳ වගකීම, වගවීම සහ ආරක්ෂාව පවතින්නේ අන් බාහිර තැනක නො ව ඔබගේ අවදිමත්බව තුළ ම පමණි. ❗
Social Sharing
නවතම පුවත් විශේෂාංග