දූෂිත කොන්ත්‍රාත්කරුවන් අසාදුලේඛන ගත නොකරන එකම රට ශ්‍රී ලංකාවයි – වෙරිටේ රිසර්ච්

 verite research

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂිත කොන්ත්‍රාත්කරුවන් අසාදුලේඛන ගත කිරීමට ප්‍රමාණවත් හේතුවක් ලෙස හඳුනා නොගන්නා සහ දුර්වලම වාර්තාවලින් යුත් දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව වෙරිටේ රිසර්ච් ආයතනය නවතම වාර්තාවකින් පෙන්වා දී තිබේ.

එහිදී ඔවුන් පෙන්වා දී ඇති කරුණු ලෙස දූෂිත ක්‍රියාවල යෙදීම සහ වංචනික ක්‍රියාකාරකම් කිරීම අසාදුලේඛන ගතවීමට හේතුවක්සේ හඳුනා ගැනීම මෙන්ම නෛතික ප්‍රතිපාදන තිබෙද්දීත් ගිවිසුම් සහගත බැඳීම් පැහැර හැර ඇති කොන්ත්‍රාත්කරුවන් අසාදුලේඛන ගත නොකිරීම යන කරුණු සඳහන්.

එමෙන්ම එම ආයතනය පෙන්වා දෙන්නේ ගිවිසුම්ගත බැඳීම් පැහැර හරින කොන්ත්‍රාත්කරුවන් අසාදුලේඛනගත කිරීමට පමණක් නොවයි එම කොන්ත්‍රාත්කරුවන්ගේ නම් පොදු මාර්ග ගත ගබඩාවක් මගින් ප්‍රකාශයට පත් කිරීමටද මෙරට ප්‍රතිපාදන ඇතත් පසුගිය වසරේ ජූලි මස වන තෙක් එම දත්ත ගබඩාවේ කිසිම නමක් ප්‍රදර්ශනය වී නොමැති බවයි.
එයට හේතු ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ පවතින රෙගුලාසි වලට අනුකූල නොවීම බව එම වාර්තාවෙන් පෙනී යන බවයි.

කෙසේ වෙතත් වගකීම් පැහැර හැර අසාදුලේඛනගත කරන කොන්ත්‍රාත්කරුවන්ගේ තොරතුරු සහිත දත්ත ගබඩාව හිස් බවත්, එම දත්ත යාවත්කාලීන කරුණු පවත්වා ගැනීමේ වගකීම ඇත්තේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවට බවත් එම වාර්තාවෙන් පෙන්වා දෙනවා.

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ අනෙකුත් දකුණු ආසියානු රටවලද මෙවැනිම දත්ත ගබඩාවක් තිබෙන බවත් නේපාලයේ දත්ත ගබඩාවට ගිවිසුම්ගත බැඳීම් පැහැර හැරි කොන්ත්‍රාත්කරුවන් 629 කගේ සහ බංගලාදේශයේ දත්ත ගබඩාවට ගිවිසුම්ගත බැඳීම් පැහැර හැරි කොන්ත්‍රාත්කරුවන් 510කගේ නම් ඇතුළත් වී තිබෙන බවයි.

Social Sharing
අවකාශය නවතම