ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

නව වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට  ආරම්භ වී තිබේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ අද සිට ලබන 12 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවය.

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය කරමින් ඒවායේ සේවාවන් විධිමත් කිරීමේ අරමුණින් එම පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පැවසුවේය.

පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත, ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නියෝග සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත යටතේ නියෝග කිහිපයක් ද විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

අනතුරුව පස්වරු 05 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනඑනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

Social Sharing
නවතම පුවත්