අපි ගාල්ලට ඇවිල්ලා ඉන්නෙ “ අපට සිහිනයක් ඇත සාමූහිකයේ “ “ වී හෑව් අ ඩ්‍රීම් කියන සාමූහිකයේ” අදහස් ඔබ සමඟ බෙදා ගන්නත්, ඒ වගේම ඔබගේ අදහස් ලබා ගන්න. අපි ප්‍රධාන දේශන තුනකට සහභාගි වුණා. සංවාදයකට එක්වුණා. ඔය ගොල්ල දන්නවා අපි සෑහෙන කාලෙක ඉඳලා මානව හිමිකම් ක්ෂේත්‍රෙයේ තමයි වැඩ කළේ. වැඩ කරන්නෙ. ගාලේලෙ මෙම උත්සව සාලාවෙම මම කතා කරලා තියෙනවා අවස්ථා කීපයක්. අපි ගාල්ල ප්‍රදේශයේ විතරක් නෙමෙයි ලංකාව පුරාම අපි කතා කරලා තියෙනව, – කොහොමද මිනිසුන්ගෙ මානව හිමිකම් ආරක්ෂා කරන්නෙ කියලා. කොහොමද මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නෙ – රාජ්‍යයන්ගේ නීතිය බලාත්මක කිරීමේ අධිකාරිය විසින් ඒවා උල්ලංගනය කරද්දි කොහොමද අපි ඒවාට මැදිහත් වෙන්නෙ කියන එක ගැන අපි කතා කරලා තියෙනවා. ඒ වගේම ජාතිවාදයට එරෙහිව අපි කතා කරලා තියනවා. ඒ වගේම ජාතික සමගිය ඇති කරන්නෙ කොහොමද කියලා අපි කතාකරලා තියෙනවා. ඒ වගේම සංහිඳියාව ඇති කරන්නෙ කොහොමද සත්‍යය හොයන්නෙ කොහොමද කියලා අපි කතා කරලා තියෙනවා.
අද මාතෘකාව මානව හිමිකම් සුරකින ආර්ථික සංවර්ධනය, යන්න යි . මානව හිමිකම් ක්ෂේත්රයේ අපි මීට කලින් අවතීරණ නොවු ක්ෂේත්‍රයත් තමයි, මානව හිමිකම් සුරකින ආර්ථික සංවර්ධනයක් කියලා කියන්නෙ. අපි හැමදාම මානව හිමිකම් ගැන කතා කර කර හිටියා. නමුත් අපිට එක්තරා මොහොතක පසුගිය වසරේ සම්පූර්ණයෙන්ම නීතියේ පාලනය බිඳ වැටෙන අවස්ථාවක් ඇති වුණා. ඔයගොල්ලො දන්නවා ඇති මැයි 09 මොකක්ද වුණේ කියලා. මැයි 09 ලංකාවේ නීතියේ පාලනය සම්පූර්ණයෙන් බිඳවැටිලා සම්පූර්ණයෙන්ම අරාජික මට්ටමකට ඇද වැටෙන තත්ත්වයක් ඇති වුණා.
අපි ඊට කලින් මේ ප්රශ්නය අඳුරගෙන හිට්යා. ඔබට මතක නම් 2021 මානව හිමිකම් දිනය සමරද්දි අපි කතා කළා ආර්ථික ප්රතිසංස්රණ ඇති කරලා මානව හිමිකම් සුරකින්නෙ කොහොමද කියලා. මේ ගාල්ලෙ අයත් ඒකට සම්බන්ධ වුණා. බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවෙදි අපි ඒ ගැන කතා කළා. අපි කතා කළේ මේ අර්බුදය ඇති වෙන්න කලින්. ඇති වෙන්න කලින් නෙමේ, ඇත්තෙන්ම අර්බුදය තිබ්බා අර්බුදය ඔබට දැනෙන්න කලින්. මේ ප්රශ්නය මේ විදිහට රටේ නීතියේ පාලනය බිඳවැටිලා, මානව හිමිකම් තියා සාමාන්‍ය පොදු නීතියක්වත් ආරක්ෂා කරගන්න බැරි මට්ටමට රට පත්වෙන බව දැනගෙන සිටි නිසා තවත් එතනින් එහාට මානව හිමිකම් ගැන කතා කරලා තේරුමක් නැති බවට පත් වුණා. ඒ නිසා තමයි අපි මේ ක්ෂේත්රයේ අනිත් අයට කලින්ම සහ තවමත් සමහර අය ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන කතා නොකළට අපි ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්න ආරම්භ කළේ. ඒ වගේම දැනුත් කතා කරගෙන යන්නෙ. ඔබ දන්නවා මැයි 09 වෙනිදා අපේ රටේ මහජන නියෝජිතයන්ගෙ ගෙවල් වගේම ඒ පාලනයේ හිටපු නැති අයගෙ ගෙවල් පවා ගිනි තැබීම් වලට ලක් වුණා. ගාල්ල ප්‍රදේශයේ මෙතනත් ඉන්නවා ඒ වගේ අය. ඒ අයගෙ ගෙවල් ගිනි තැබුවා. බඩු මංකොල්ල කෑවා. ඒ තත්ත්වය ඇති වුණේ ඇත්තටම මහජනයා නිසාම නෙමෙයි. මේ තත්ත්ව ඇති වුණේ මේ රටේ ආර්ථික බංකොලොත් භාවය නිසා, මිනිසුන්ගෙ එදිනෙදා ආර්ථිකය පාලනය කරගන්න බැරි නිසා සම්පූර්ණයෙන්ම රටේ අනිත් අයගෙ ආරක්ෂාව පිළිබඳ වගකියන්න කවුරුත් නෑ. බිඳ වැටුණා.
පොලිස්පතිවරයා ඒ කාලේ කියලා තිබුණා අපේ පොලිස් නිලධාරින්ව පොලීසිය ඇතුලෙ තියා ගත්තා කියලා. ඇයි කියලා ඇහුවාම පොලිසිය යෙදුවෙ නැත්තෙ කියලා, අපි අපේ අයගෙ ආරක්ෂාව බලාගෙන හිටියා කියලා. පොලිස් පතිවරයා කියපු දෙයක් තමයි එවකට තිබුණ ආණ්ඩුවෙන් සියලුම පොලිස් ස්ථානාධිපතිලා සියයට අනූවක්ම (90%) දේශපාලන පත්වීම් කියලා. අපේ ගෙවල් ගිනිතියද්දි කොහෙද හිටියෙ කියලා අහනකොට තමයි එහෙම කියලා තිබුණෙ. මහජන නියොජතයන්ගෙ ගෙවල් ගිනිතියනකොට පොඩි සතුටක් වගේ දැනුනට අවසානයේ දී සම්පූර්ණයෙන්ම මහජනතාවගේ ආරක්ෂාව අණතුරට ගියා.
එහෙම තත්ත්වයක් ඇති වුණාම කාටද බලය යන්නෙ. බලය යන්නෙ සම්පූර්ණයෙන්ම ශක්තිවන්ත අයට. මොබ් කරන්න පුලුවන් අයට තමයි බලය යන්නෙ. ඒ වගේ තත්ත්වයක් ඇති වුණා. එතනින් එහාට අපි මානව හිමිකම් මධ්‍යස්ථාන හදාගෙන මානව හිමිකම් ආරක්ෂා කරන්න නෙමෙයි වෙන්නෙ. අපට මිනිස්සුන්ගෙ ජීවිත ආරක්ෂා කරන්න. ඒක වුණේ ඇත්තටම මේ රටේ ඇති වුණ බරපතළ ආර්ථික අර්බුදය නිසා. ඒක ඇති තරම් පුරෝකථන දීපු ආර්ථික අර්බුදයක්. ඒ පුරෝකථන අපේ මහජනයාත් ඇත්තටම පිළිගත්තෙ නැ. ඒ ඇතුලෙ තමයි මේ ප්රශ්නය වුණේ
ගොඩක් වෙලාවට අපි වැඩකරන්නෙ ජනප්‍රිය සටන්පාඨත් එක්ක නෙමේ. ජනප්‍රිය සටන්පාඨත් එක්ක වැඩ කරන කට්ටියත් ඉන්නවා. අපි වැඩ කරලා තියෙන්නෙ ජනප්‍රිය සටන් පාඨත් එක්ක නෙමේ. හරි සටන්පාඨත් එක්ක. අපි ජනප්‍රිය සටන්පාඨ දේශපාලනයට වඩා ජනප්‍රිය නැති හරි දේ වෙනුවෙන් වැඩකරලා තියෙනවා. ඔය ගොල්ල දන්නවා ඇති යුද්ධය ජනප්රියකාලේ අපි අපි යුද්ධයට විරුද්ධව වැඩ කළා. සාමය වෙනුවෙන් වැඩ කළා. අතුරුදන් වීම් වලට එරෙහි ජාත්‍යන්තර දිනය අද. අපි කාලාන්තරයක් තිස්සෙ මේ අතුරුදන්වීම්වලට විරුද්ධව වැඩ කරලා තියෙනවා. සාමාන්‍ය ජනයාට අතුරුදන් වීම් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන වකවානුවක අපි අතුරුදන් වීම් වෙනුවෙන් වැඩ කළා.
ආර්ථික ප්‍රතිසංස්කරණ වුණත් සමහරුන්ට ජනප්‍රිය නැති වුණාට අපි ඒ හරිදෙය වෙනුවෙන් වැඩ කරමින් ඉන්නවා. අපිට අවශ්‍ය නෑ සම්පූර්ණයෙන් රටේ නීතියේ පාලනය බිඳවැටෙන යුගයක් ඇති කරන්න. නීතියේ පාලනය බිඳවැටෙන ශක්තිය තියෙන අය නීතිය අතට ගත්ත යුගයක් ඇති කරන්න. ඒක නිසා අපි වැඩ කරනවා ජනප්‍රිය දේ වෙනුවට නීතියේ පාලනය සහතික කරපු ආර්ථික සමෘද්ධිය අති කරපු වටපිටාවක් හදන්න. ඒ සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අපි වැඩ කරමින් ඉන්නවා. ඒක හරි නිසා. ආර්ථික ප්‍රතිසංස්කරණ කියන්නෙ මේ සාකච්ඡාවෙදි මතුවුණා, කොහොමද අපේ ආදායම් වියදම් තුළනය කර ගන්නෙ? අපි හැමදාම කැමති අපේ වියදම වැඩි කරගන්න රජයේ රස්සා ගන්න. රජයේ ආයතන කියන ඒවා තියාගෙන යන්න. ජාතික සම්පත් කියන එව්වා ඉතා ජනප්‍රිය මාතෘකාවක්.
අපිට රජයේ රස්සා ලබා දෙන්න. රජයේ සම්පත් රැකදෙන්න. උපාධිධාරින්ට රැකියා ලබාදෙන්න. ඒවා ඉතාමත් ජනප්‍රිය දේවල්. අවසානයේ දී රජ්‍ය වියදම වැඩිවෙලා එකතු කරගන්න බැරි වෙලා අවසානයේ දි අපි මුදල් අච්චු ගහලා. මුදලේ අගය අඩුවෙලා, මුලුමහත් සමාජයටම ඒක බලපාලා, මුලු සමාජයට පාරට බහින මට්ටමක් ඇති වුණා. විදුලිය පවා නැති වුණා. අපේ ජනප්‍රිය මාර්තෘකා තමයි ජාතික සම්පත් රැකගන්න එක. ජාතික සම්පත් තව තවත් වැඩි කරගන්න එක. ජාතික සම්පත් නෙමෙයි මේවා රාජ්‍ය විසින් කරන ව්‍යාපාර. ඒවට තමයි අපි කැමති. ඒවා තුලනයක් කරන්න ඕනැ. යම් ප්‍රතිව්‍යහගත කරණයක් කරන්න ඕනැ. ඇත්තටම රාජ්‍ය සම්පත් කියන මේ රාජ්‍ය ව්‍යාපාරයන්ගෙ වාසිය තියෙන්නෙ නිලධාරින්ට. දේශපාලඥයන්ට. මේවායේ වාසිය ටෙන්ඩර් පාටිපාටියේ ඉඳලා සම්පූර්ණයෙන් දූෂිත වෙලා තියෙනවා. මේවා හරහා මුදල් හම්බකරන්න අවස්ථාවල් ලැබිලා තියෙනවා. ඔයලා දන්නවා මේ නිලධාරින්ගෙ වත්කම් ගැන. මේවා හොයන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේක තමයි පොදු තත්ත්වය. ලක්ෂයට වැඩි පඩි ගන්න කට්ටියගෙන් බදු ගන්න විට ලක්ෂයට අඩුවෙන් පඩි ගන්න කට්ටියත් පෙළපාලි යනවා වගේ අපේ පොදු සමාජය හැමදාමත් මේවා ආරක්ෂා කරගන්න අවශ්‍යයි කියන සටන්පාඨ වල හිටියා. අපිත් කියනවා මේවා ආරක්ෂා කරගන්න අවශ්‍යයි. මේවා ආරක්ෂා කරගන්න ඕනැ රජයේ ඒකාධිකාරය යටතෙ තබාගෙන නෙමෙයි. මේවා පොදු ව්‍යාපාර බවට පත් කරන්න ඕනැ. මේවා කොටස් වෙළඳපොලේ අපිටත් කොටස් ගත හැකි ව්‍යාපාර බවට පත් කරන්න ඕනැ. එහෙම තමයි මේවා ඉස්සරහට ගෙනියන්න ඕනැ.
අපි කම්කරු නීති ගැන සෑහෙන්න කතා කරලා තියෙනවා. ඉතින් කම්කරුවො ආරක්ෂා වුණාද? මේ ආර්ථික අර්බුදය ඇතුලෙ අපිට මොනවද කිව්වෙ? කම්කරුවා ආරක්ෂා වුණාද? කම්කරුවා ආරක්ෂා වෙන්නෙ ආයෝකයා ශක්තිමත් වුණොත්, ආයෝජනය ශක්තිමත් වුණොත්. කම්කරුවා ගැනත් හිතලා, ආයෝජකයා ගැනත් හිතලා මේ නීති ප්රතිසංස්කරණයක් අවශ්‍යයි. නැත්නම් අපිට ආයෝජයන් හම්බ වෙන්නෙ නෑ.
එතකොට රටේ ඉඩම් නීතිය මොකක්ද? ජනප්‍රිය සටන් පාඨය තමයි රජයේ ඉඩම් සුරක්ෂිත කරනු. ඕක තමයි, ජනප්‍රිය සටන් පාඨය අද රටේ ඉඩම් සියට හැටක් (60%) තියෙන්නෙ ආණ්ඩුවට. රජයේ ඉඩම් වලින් වාසි ගන්නෙ කවුද? ඉඩම්නි ලධාරින්, ප්‍රාෙද්ශී්‍ය ලේකම්ලා, රජයේ නිලධාරින් ඉඩම් තියෙන අය දන්නවා. කොචච්චර අමාරුද මේ නිලධාරින් හම්බවෙන්න කොච්චර අමාරුද? රජයේ ඉඩම් වැඩියෙන් තියෙන පලාත්වල තත්ත්වය. අනිත් වාසි ගන්න පිරිස දේශපාලඥයො. රජයේ ඉඩම් මිනිස්සුන්ට සින්නක්කරවා බෙදලා දෙනවටත් මිනිස්සු විරුද්ධයි. ඉතාම බාල සටන්පාඨයක් තමයි ඉඩම් දුන්නොත් මිනිස්සුනට පුලුවන් තවත් අයට විකුණන්න. ඕක තමයි මිනිස්සු කියන්නෙ.
අද ගොවිතැනට අලුත් තාක්ෂණය විවෘත වෙලා නෑ රජයේ ඉඩම් ප්රශ්නය නිසා. අපි ඉන්නෙ ඒ ජනප්‍රිය මතයේ නෙමෙයි. අපි කියන්නෙ මිනිස්සුන්ට ඉඩම් ලබාදෙන්න මිනිස්සුන්ට ඕන දෙයක් කරගන්න. මම කියන්නෙ මට මගේ ඉඩමට තියෙන අයිතිය සාමාන්‍ය ගොවි ජනයාටත් ලබා දෙන්න කියන එකයි අපි කියන්නෙ. මූදුබඩ පලාත්වල ඉඩම්වලට තියෙන්නෙ සින්නක්කර අයිතිය. ඒවා කොතරම් මිල ඉහළද. සංචාරක හෝටල් වලට ඉඩම් ඉහල මිල ගණන් වලට විකිණීමේ හැකියාව තියෙනවා. ව්‍යාපාරත් සාර්ථක වෙලා තියෙනවා. රැකියා බහුලවෙලා තියෙනවා. ඉඩම් සාමාන්‍ය ක්‍රමයට තිබ්බ නිසා. අනිත් ඉඩම් වලත් හෝටල් තියෙනවා. එයින් ඉඩම් හිමියට ලැබිලා තියෙන්නෙ සුලු ප්‍රතිශතයක්. මම කියන්නෙ ඒවා ජනප්‍රිය සටන් පාඨ.
දේශපාලකයා කරන අනුග්‍රහ නැවැත්විය යුතුයි. දේශපාලකයට එහෙම හැකියාවක් තියෙනවා. විදුලි බල මණ්ඩලයේ, ගමනාගමන මණ්ඩලය ආදි ඒවායේ රස්සා දෙන්න – ඔවුන්ට දේශපාලනය මත හැකියාව ලැබිලා තියනවා. මේක දීර්ඝ කාලයක් කරගෙන ඇවිල්ලා සෑහෙන්න ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. මේක නවත්වන්න නම් රාජ්‍ය කියන එක හීන වියයුතුයි. ආණ්ඩුවේ වැඩි පංගුවක් රාජ්‍යයට හිමිවිය යුතු නැහැ. ඒක අඩුවෙන්න අඩුවෙන්න තමයි දේශපාලඥයාට රැකියා දෙන්න බැරි වෙන්නෙ. එතකොට තමයි සුදුසුකම් ඇති අය රැකියාවලට යන්නෙ. එතකොට තමයි ඇත්තටම රාජ්‍ය හදන්න කැමති අයව පාර්ලිමේන්තු යවන්න හැකි වන්නෙ. දැන් වෙලා තියෙන්නෙ, දැන් තියෙන්නෙ රාජ්‍ය ප්‍රතිපත්ති හදන එක නෙමෙයි ඔවුනට සිදු වෙනවා මිනිස්සුන්ට එක එක ඒවා ලබා දෙන්න. අපි වැඩ කරන්නෙ ඇත්ත තත්ත්වය මත මිස ජනප්‍රිය මාතෘකා මත නෙමෙයි. මේ තත්ත්ව මතු වෙන්න ඉස්සර වෙලා අපි කිව්වෙ අයි. එම්. එෆ්. එකේ ප්‍රතිපත්ති වලට යොමු වෙන්න කියලා. ප්රත්පත්ති වලට එකඟ වෙන්න කියලා. අයි.එම්. එෆ්.. එක පදනම් කරගත්ත ආර්ථික මාදිලියකට යන්න කියලා.
ඉන්දියාවත් 1992 දි අපි වගේ බංකොලොත්බාවයකට පත් වුණා. නමුත් අයි.එම්. එෆ්.. ප්රතපත්තිවලට ගිහිල්ලා අද වෙනකොට සෑහෙන ප්‍රගතියක් අත්පත් කරගෙන තියෙනවා. 2040 වෙනකොට ලෝකයේ ඉහලම ආදායම් ලබන රටවල් පහෙන් එකක් බවට ඉන්දියාව පත්වෙන බවට පුරෝකථනය කරලා තියෙනවා. ඒක කරන්න පුලුවන් වුණේ වෙලඳ පොල පදනම් කරගත්තු සාධාරණ ක්‍රියාවලියක් ඉන්දියාවෙ ඇති කරගත්තු නිසා.
නීතිඥ දුලාන් දසනායක
( අපට සිහිනයක් තිබේ ව්‍යාපාරය ඔක්තෝබර 27 දා ගාල්ලේ සංවිධානය කළ ගාලු පුරවැසි සභාව හමුවේ කළ කතාව )