රාමලාල් සඳ බලන්න එන්න…!

-රෂිනි ද සිල්වා-

රාමලාල් සඳ බලන්න එන්න කියලා ෆතිමා ට කතා කරාට අපි ආත්තටම දන්නවාද ෆාතිමාලගේ රාමාලාල් සඳ ගැන…..බෝ හෝ දෙනා මතුපිටින් බලලා අකමැති වුනාට ෆාතිමාලගේ ආගම හරි ලස්සනයි. දන්නවාද ඉස්ලාමය කියන්නේ ක්‍රිස්තියානි ධර්මයෙන් පස්සේ ලෝකයේ දෙවන විශාලතම ආගම. ඉස්ලාමය අරාබියෙන් ආරම්භ වෙලා මේ වෙනකො ට ලෝ කයපුරා අනුගාමිකයින් බිලියනයකට වඩා සිටින ආගමක්.

ලෝකයේ විශාලතම මුස්ලිම් ජනගහනයක් ඉන්නේ අරාබිය, ඉන්දුනීසියාව, පකිස්ථානය, බංග්ලාදේශය, නයිජීරියාව, ඊජිප්තුව, තුර්කිය සහ ඉරානය කියන රටවල. ඊට අමතරව ගල්ෆ් රටවල් බොහෝමයක ඉන්නේ මුස්ලිම් ජාතිකයන්. ඒ විතරක් නෙමෙයි යුරෝපයේ කොදුනාරටිය වගේ ඉන්න ඇමරිකා එක්සත් ජනපදයේ විතරක් මුස්ලිම්වරුන් මිලියන 7 ක් දැනට ජිවත්වෙනවා. මේ ඉස්ලාම් ධර්මය ආරම්භ වෙන්නේ ක්‍රි.ව 610 (ක්‍රි.ව .570-632 ) දී පමණ අරාබියේ නගරයක් වන ‘මක්කම’ දී. මුස්ලිම් ආගම ගැන මුහම්මද්තුමා ට ගේබ්‍රියෙල් දේවදූතයා විසින් දෙවියන්ගෙන් හෝ අල්ලාහ්ගෙන් හෙළිදරව් කිරීම් පටන්ගත් බව මුස්ලිම්වරු විශ්වාස කරනවා වගේම ඔවුන් මේ හෙළිදරව් කිරීම් පිලිබඳව අල් කුර්ආනය නම් ඔවුන්ගේ ශුද්ධ ග්‍රන්ථයේ 114 වන පරිච්ඡේදයට ඇතුලත් කරලා තියෙනවා.

මුස්ලිම්වරුන්ට අනුව මුහම්මද්තුමා කියන්නේ ආදම්, ආබ්‍රහම්, මෝසෙස් සහ ජේසුස් වහන්සේ ඇතුළු අනාගත වක්තෘවරුන්ගෙන් අවසාන අනාගත වක්තෘවරයි. ඔහුව දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තේ පණිවිඩකරුවෙක් විදියට මනුෂ්‍ය වර්ගයා ට ඉගැන්වීමට කියලා ඔවුන් දැඩිව විශ්වාස කරනවා. ඒ වගේම සර්වබලධාරි දෙවි කෙනෙකු සිටන බවත් ඔහුගේ අණ පිළිපැදීමෙන් මිනිසුන්ට ගැලවීමක් ලබා ගත හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. අරාබි භාෂාවෙන් ඉස්ලාම් කියන්නේ “යටත් වීම” (දෙවියන් වහන්සේට) කියන එකයි.

ඒ ඉස්ලාමිය දින දර්ශනයට අනුව 9වෙනි මාසයේ ඒ කියන්නේ රාමාලාල් මාසයේ නව සඳ දැක්ක දවසේ ඉදලා තමයි රාමදාන් පටන් ගන්නේ. මේ ඉස්ලාම් දින දර්ශනය කියන්නේ චන්ද්‍ර දින දර්ශනයක්. චන්ද්‍ර දින දර්ශනයේ රාමාලාල් මාසයේ ඒ කියන්නේ 9 වෙනි මාසයේ තමයි රාමදාන් උපවාසය ආරම්භ වෙන්නේ. මේ චන්ද්‍ර දින දර්ශනය, සූර්ය දින දර්ශනයට වඩා දින 11 කින් අඩුයි. ඒ නිසාම රාමදාන් සෑම වසරකම එකම දිනයක ආරම්භ වෙන්නෙ නැහැ වගේම කාලයත් සමඟ, සියලු ස්ෘතු සීමාවන් හරහා ගමන් කරනවා. ඇත්තෙන්ම මුස්ලිම් බැතිමතුන්ගේ ශුද්ධ ග්‍රන්ථය “අල් කුර්ආනය” දෙවියන් වහන්සේගෙන් “මුහම්මද්තුමාට “ පලමුවෙන් හෙළිදරව් කිරීම් ලැබුණු මාසය, මෙලෙස රාමදාන් කියල සමරනවා. රාමදාන් උපවාස කාලය බෝ හෝ විට දින 29 හෝ 30 ක් වෙනවා. රාමදාන් යන වචනය හැදිලා තියෙන්නේ ramiḍa හෝ ar-ramaḍ යන අරාබි මූලයෙන් වන අතර, එහි තේරුම “දැවෙන තාපය” හෝ “වියළි බව “ කියන එකයි.

 

රාමදාන් උපවාසය ගැන අල් කුර්ආනය සඳහන් වෙන්නෙ මෙන්න මේ විදියට -“අල් කුර්ආනය හෙළිදරව් කිරීම, ජනතාව සඳහා මග පෙන්වීම සහ නිර්ණායක පිළිබඳ පැහැදිලි සාක්ෂි රාමදාන් මාසය වේ. එබැවින් යමෙක් මාසයේ නව සඳ දෙස බලන විට ඔහු නිරාහාරව තබන්න. ”කියලා.

මේ විදියට නිරාහරයේ ඉන්න එක මුස්ලිම් ආගමේ මූලික මූලධර්ම පහෙන් එකක්. ඔවුන්ගේ මූලධර්ම නැතිනම් මේ විධිමත් නීති මාලාව මුස්ලිම්වරුන්ගේ ජීවිත වල මූලික දේ කිව්වොත් හරි

1. හදා : ඇදහිල්ල ප්‍රකාශ කිරීම:
2. “දෙවියන් හැර වෙනත් දෙවියෙකු නැත, මුහම්මද් දෙවියන් වහන්සේගේ දූතයාය”
3. යාච්ඤා (දිනකට පස් වතාවක් )
4. zakat (පුණ්‍ය කටයුතු)
5. නිරාහාරව සිටීම සහ වන්දනා ගමන් කිරීම (මුස්ලිම්වරුන්ට සෞදි අරාබියේ මක්කම නගරයට සංචාරයක් හෝ “හජ්” කිරීමට සිදුවේ, අවම වශයෙන් ජීවිත කාලයට වරක්වත් ඔවුන්ට ශාරීරිකව හා මූල්‍යමය වශයෙන් හැකියාවක් තිබේ නම්).

ආත්තටම මේ රාමාලාල් නවසඳ බැලිමත් එක්කම ලොව පුරා විසිරිලා ඉන්න සියලු ස්ලාමයේ අනුගාමික මුස්ලිම්වරුන් නිරාහාරව සිටීම, ස්වයං විනය පුහුණු කිරීම සහ යාච්ඤා කිරීමේ ශුද්ධ මාසය ආරම්භ වෙන්නේ. මේ කාලයේදී මුස්ලිම්වරු සෑම දිනකම උදේ සිට සවස් වන තුරුම ආහාර ගැනීම, බීම, දුම් පානය සහ ලිංගික ක්‍රියාකාරකම් වලින් වැළකී සිටින්න ඕනී වගේම අකාරුණික, අපිරිසිදු සිතුවිලි සහ වචන , දුරාචාර හැසිරීම් වලින් ද වැලකෙන්න වෙනවා. එයලා විශ්වාස කරනවා මේ කාලය ස්වයං සංයමයකින් හා ස්වයං පරාවර්තනයකින් නිරාහාරව සිටීම ආත්මය පවිත්‍ර කිරීමේ ක්‍රමයක් කියලා. මේ උපවාසය තුලින් කුසගින්නෙන් පෙළෙන සහ අවාසනාවන්ත ලෙස ලෝකයේ සිටින අය කෙරෙහි සංවේදනය ඇති කර ගන්න පුලුවන් කියලා ඔවුන් විශ්වාස කරනවා.

රාමසාන් සමයේ දී බොහො අරාබි රටවල ඔවුන්ගේ දින චර්‍යාව දහවල් 2.30ට අවසන් කරනවා. ඒ වගේම ඉන්පසු උපවාසය අත්හරින කම්ම අල් කුර්ආනය කියවීම හෝ විශේෂ යාච්ඤා පවත්වනවා. රාමසාන් උපවාසයේ පළමු පෙර උදෑසන ආහාරය “සුහූර්” කියලා හඳුන්වන අතර දෛනික උපවාස අවසන් කරන ආහාර වේල “ඉෆ්තාර්” කියලා හඳුන්වනවා. එම ආහාරය බොහොවිට සාම්‍ප්‍රදයිකව පවුලේ අය සහ මිතුරන් අතර බෙදා ගැනීමෙන් අවසන් කරනවා. ඊට පස්සේ හිරු උදාවෙන්න කලින් මැදියම් රාත්‍රීයේ ගන්න ආහාර වේල “ගබ්කා” කියලා හඳුන්වනවා.

වැඩිවියට පත් සෞඛ්‍ය සම්පන්න සියලු මුස්ලිම්වරු නිරාහාරව සිටිය යුතුයි කියලා නීතියක් ඔවුන් අතර තියෙන්වා විතරක් නෙමෙයි ඔවුන් එය අකුරටම පිලිපදිනවා. මේ නීතියෙන් රෝගී වැඩිහිටියන්, සංචාරකයින්, දියවැඩියා රෝගින්, ගර්භනී කාන්තාවන්, ඔසප් ආරම්භ වූ සහ කිරි දෙන මව්වරුන් නිදහස් වෙනවා. ඒ වගේම ඔවුන්ට අනාගතයේ යම් වේලාවක මඟ හැරුණු උපවාස දින හිලව්වක් විදියට දුප්පතුන්ට උපකර කරන්න වෙනවා.

රාමසාන් සමයේ අවසාන උදා වෙන්නෙත් නව සඳ දැකිමත් එක්කමයි. අරාබි රාජ්‍ය විසින් එය ප්‍රකශ කරනවාත් එක්කාම ලෝව පුරා සියලු මුස්ලිම් බැතිමතුන් උපවාසය අත්හරිමින් ඊඩ් අල්-ෆිතර් (ඊද් උල්-ෆිතර්), සමරනවා. ඒකේ තෙරුම උපවාස කඩන මංගල්‍ය කියන එකයි. ඊද් උත්සවය දින 5ක් පමණ සමරණවා, මුල් දින 3 තමන්ගේ පවුලේ අයත් සමග විනෝද වෙලා ඊට පස්සේ නෑගම් යනවා. ඒ කියන්නේ රාමසාන් උපවාසය ඉවර කරලා තමයි ඊද් සමරන්නේ. ඊද් උත්සවයට විශේෂ යාච්ඤා සහ ආහාර වේල් ඇතුළත් වෙනවා.

මේ ඇරුණාම මුස්ලිම් ආගම කියන්නේ කියවන්න ආසා හිතෙන එයාලටම ආවේනීක රාටාවක් තියෙන ආගමක්. පොතේ පිටකවරේ බලලා පොත් ගැන තිරණය කරන්න එපා වගේ එකක් තමයි මෙතනටත් ගැලපේන්නේ ….!

 

Social Sharing
අවකාශය නවතම