ලිංගිකත්වය ශාරීරික හා මානසික සතුට

– Malcolm Sang –

බැලූ බැල්මට පේන්නෙ කාමුක දර්ශණ හෝ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍ර හෝ ඇඹීම් වුනත් මේ පින්තූර වල තියෙන්නෙ ක්‍රිස්තු පූර්ව පළමු සියවස ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස අතර කාලයේ රෝමන්වරුන් පාවිච්චි කරපු මැටි පහන් හෙවත් ලාම්පු කීපයක්.

අපි මීට කලිනුත් කතා කලා රෝමන්වරු ලිංගිකත්වය හා ලිංගික සම්බන්ධතා වලට විශාල වගේම විවෘත්ත ස්ථානයක් ඒ අයගෙ සමාජය තුල ලබා දුන්නු බව( රෝමන් අධිරාජ්‍ය හා දේශපාලනය ගැන විවේචන තිබෙන බව වෙනම කතාවක්).

විවාහය සමාජයීය හා දේශපාලන අවශ්‍යතාවයක් ලෙසත් ලිංගිකත්වය ශාරීරික හා මානසික සතුට ලබාදෙන පුද්ගලික අවශ්‍යතාවයක් ලෙසත් සලකපු රෝමන්වරු මේ දෙක පටලවා ගැනීමෙන් තොරව ජීවත් වෙන්න උත්සාහ කරනවා.

ඒ එක්කම කලා නිර්මාන, චිත්‍ර හා මූර්ති, සාහිත්‍ය, සංවාද වගේ සෑම අවකාශයකම ලිංගිකත්වය ගැන ඒ අය විවෘත්තවම කතා කරනවා. මේ තත්ත්වය රෝම වතිකානු ජෝර්ජියා පාප්ගේ කාලය වෙනතෙක් ඒ කියන්නෙ ක්‍රිස්තු වර්ෂ 1500 පමණ වෙනතෙක් නිදහස්ව පැවති බව ඉතිහාසය දිහා බලන අපිට පැහැදිලි වෙනවා. ඉන්පස්සෙ ඇතිවෙන දැඩි සීමා හා ආගමික නීති රීති මත ලිංගිකත්වය ටැබූ එකක් බවට පත් වෙද්දි වික්ටෝරියානු සංස්කෘතිය හරහා තවදුරටත් වරදක් හෝ රහසක් බවට පත්වෙනවා.

රෝමය, ඉතාලිය, ස්පාඥ්ඥය හෝ ජර්මනිය වැනි රටවල් වික්ටෝරියානු සංස්කෘතික සෝදා පාළුවට ලක්වුනේ නැති නිසා තව දුරටත් මේ සංස්කෘතීන් තුළ ලිංගිකත්වය ගැන විවෘත්තව කතා කරන්න පුළුවන්. පැරණි ඉන්දියානු සංස්කෘතිය තුළ ඉහලින් සැලකුණු ලිංගිකත්වය හෝ ගෘංගාරය හින්දු කෝවිල් හා දේවාල තුළත් ඔවුන්ගේ කලා නිර්මාණ තුළත් පැහැදිලිව දකින්න තියනවා.

ඉස්ලාම් ආක්‍රමණ තුළින් මේ පන්සල් හා නිර්මාණ වලින් කොටසක් විනාශ වෙද්දි වික්ටෝරියානු අදහස් වලින් පෝෂණය වුනු මහත්මා ගාන්ධිගේ පාලනය තුළ මෙවැනි නිර්මාණ සහිත කෝවිල් දේවාල හා පන්සල් විනාශ කිරීමට කටයුතු කළ නිසා ලෝකයට අහිමි වුනු වටිනා නිර්මාණ මිළ කල නොහැකියි.

උදාහරණයක් විදිහට කාජුරා හෝ පන්සල් හා කෝවිල් සිය ගානක් විනාශ වෙන්නෙ වටිනා කලා නිර්මාණ දාස් ගාණක් එක්ක (Khajuraho temples.) අනිත් අතින් ඒ හරහා සමාජයට පනවපු සීමා හා නීති තුලින් බිහිවෙන්නෙ පීඩාවට හා අසහනයට ලක්වෙන මනුෂ්‍ය කොට්ඨාශයක්. මෙයින් අදහස් වෙන්නෙ නෑ හැම නිවසකම නිරුවත් පෝස්ටර් බිත්තියේ එල්ලන්න ඕනෙ බව හෝ පන්සල් පල්ලි තුල ලිංගික දර්ශණ සහිත නිර්මාණ ප්‍රදර්ශණය කල යුතු බව.

නමුත් කලාව තුළ ලිංගිකත්වය අපහාසයට හා විවේචනයට ලක් නොවීම තුළත් ඒ ගැන විවෘත්තව කතා කිරීමට අවස්ථාව සැලසීම තුළත් විචාරශීලී පරපුරක් බිහිවෙන බවට අපිට හිතන්න පුළුවන්.

වට් ඉස් සෙක්ස් What is Sex කියල පොඩි දරුවෙක් අම්මගෙන් හරි තාත්තගෙන් හරි ඇහුවොත් ඒ ගැන කියල දෙන්න පුළුවන් කී දෙනෙක් අපි අතර ඉන්නවද..?

ඒ ගැන සරල පැහදිලි කිරීමක් කරන්න වැඩිහිටියන්ට බැරි වුනොත් අර මෝඩ ළමා කතාවල කියනව වගේ සුරංගනාවො රෑට ඇවිල්ල බබාව ඇඳෙන් තියල ගියා… එහෙමත් නැත්තං රෝස කැළෙන් ඇහිඳගෙන ආව වගේ මෝඩ කතා කියන්න තමයි සිද්ධ වෙන්නෙ.

අනිත් අතින් සෙක්ස් හෙවත් ලිංගිකත්වය ගැන සංයමයකින් කතා කරන්න බැරිවුනොත් රැඩිකල් සෙක්ස් ගැන කතා කරන විකට චරිත සමාජයේ පෙරගමන් කරුවන් විදිහට පෙනී ඉඳිමින් සමාජය රවට්ටන එක වළක්වන්න අපහසුයි. ලිංගිකත්වයට සමාජයේ මූලිකවම තැන හිමිවිය යුතු නැහැ.

නමුත් සද්ධාසීල ඥානානන්ද වගේ විකට චරිත දේශනා කරන ආකාරයට ලිංගික සම්බන්ධතා කියන්නෙ හොර රහසේ දරුවෙක් හදන්න කරන තහනම් සම්බන්ධයක් නොවන බව සමාජය වටහා ගන්නව නම් අසහනයකින් පීඩනයකින් තොර සමාජයක් බිහිවෙයි කියල අනුමාන කරන්න පුළුවන්.

Social Sharing
අවකාශය නවතම