ඉන්දියානු රුපියලට අවසර

ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තබා ගැනීමට ඉන්දීය රජය එකගතාව පල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාවේ ඉල්ලීමක් අනුව ඉන්දීය රජය මෙම අවසරය දී ඇත්තේ ඇමරිකානු ඩොලර් දස දහසකට සමාන ඉන්දීය රුපියල් ප්‍රමාණයක් ලාංකියන් සතුව තබා ගැනීමට අවසර දෙමිනි.

ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන විදේශ සංචිත හිඟය මගහරවා ගැනීම සඳහා මෙම පියවර සහාය වනු ඇතැයි ද ඉන්දීය මාධ්‍ය කියා සිටියි.

මේ අනුව ඇමරිකානු ඩොලර් භාවිතයකින් තොරව ඉන්දීය රුපියල් මගින්ද ගණුදෙනු කිරීමේ අවස්ථාව ශ‍්‍රී ලංකාවට හිමිවෙයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දීය රුපියල් මෙතෙක් නම් කරන ලද විදේශ මුදල් ඒකකකයක් ලෙස තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.
-ලංකාසීනිව්ස්-

Social Sharing
නවතම පුවත්