මිනිස් ජාවාරමට සැක නිළධාරියා අත්අඩංගුවට

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් කටයුතු කළ ඊ. කුෂාන් නමැති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (29) ඕමානයේ මස්කට් නුවර සිට අළුයම 3.57ට ගුවන්තොටුපොළ වෙත පැමිණි යානයෙන් එම පුද්ගලයා දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාට සංචාරක වීසා මත ඕමානයේ රැකියා සඳහා ගොස් සිටි කාන්තාවන්ට ලිංගික හිරිහැර කිරීම, මිනිස් ජාවාරම් කිරීම් ඇතුළු චෝදනා රැසක් එල්ලාව තිබෙනවා.

ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඊයේ (28) දින විවෘත වරෙන්තුවක් ද ලබා ගනු ලැබුවා.

ඊ. කුෂාන් නමැති පුද්ගලයාට චෝදනා එල්ල වුවත් ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැඳී සිටි අතර චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට ඔහු විසින් බලපෑම් කරන බවද වාර්තා වුණා.

– news 19 –

Social Sharing

නවතම පුවත්