රාජ්‍ය ආයතන වල උත්සව කප්පාදුවට චක්‍රලෙඛයක්

 

මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්, මහින්ද සිරිවර්ධන විසින් රාජ්‍ය ආයතන විවිධ උත්සව සඳහා දරන වියදම් අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

පවතින සීමාකාරී මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය අයතන සිය විෂය පථයට අදාළ උත්සව මෙන්ම වෙනත් බාහිර උත්සව සඳහා අරමුදල් වැය කිරීම අත්හිටුවීමට, පසුගිය ජුනි මස 13 වැනිදා අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

එහෙත්, අදාළ නියමයන්ට පටහැනිව තවදුරටත් එවැනි වියදම් දරන්නේ යැයි වාර්තා වන බව, මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පෙන්වා දෙන අතර මුදල් අමාත්‍යංශ ලේකම්වරයා යළි අවධාරණය කරන්නේ සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, සමාගම්, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය ව්‍යවසායන්, පළාත් සභා, පළාත් පාලන ආයතන සහ රාජ්‍ය බැංකු විසින් සිදුකරන විවෘත කිරීම්, රාජකාරී භාර ගැනීම හා විශ්‍රාම ගැනීමට අදාළ උත්සව, සුහද හමුවීම්, ප්‍රිය සම්භාෂණ ඇතුළු සියලුම ආකාරයේ උත්සව පැවැත්වීම වෙනුවෙන් රජයේ හෝ ස්වකීය ආයතනවල ඉපැයීම් භාවිත කරමින් දරන වියදම් නතර කළයුතු බවය.

Social Sharing
නවතම