තායලන්ත ප්රජාතන්ත්රවාදී අරගලයේ සංකේතය බවට පත් තෙඇඟිළි විරෝධය මියන්මාර ප්‍රතිවිරුද්ධකම්පෑමේ සළකුණ බවටද පත් කැරුණේ වෛද්‍ය ශිෂ්‍යාවන් පිරිසක් එය යොදා ගැනීම මගිනි. මෙම ආචාරවය/විරෝධය Hunger Games නම් ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවෙහි ජනාධිපති ස්නෝ නම් එකාධිපතියට එරෙහිව පිඩිත ජනයා විසින් මුලින්ම පාවිච්චි කරන ලදී. මෙම සංකේතය මගින්ද ප්‍රතිවිරුද්ධකම් පෑම විශ්වමය ස්වරූපයක් ලබා ගනී. අප කවුරුත් දන්නා පරිදි මියන්මාරය 1962 දෙකේ සිට 2010 දක්වා හමුදා පාලනයක් යටතේ පැවති රටක්. 1974 න් පසු ජෙනරාල් නේ වින් යටතේ හමුදාව විසින් පාලනය කරනු ලබන, සමාජවාදී රාජ්‍යයක් යැයි කියාගන්නා එක් පක්ෂයක් පමණක් පාලනය කරන රාජ්‍යක් ලෙස එකළ…
Read MoreDay: March 4, 2021
“වසන්ත කරන්නාගොඩගේ පෙත්සමේ කරුණු තවදුරටත් අධ්‍යයනය කරනවා” – නීතිපති
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා අද (4) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය මේ බව අධිකරණය දැනුම් දුන්නේය. තමාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔප් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මේ බව කියා සිටියාය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන…
Read Moreආණ්ඩුව යුද අධිකරණයට ගෙනයන ලෙස ඉල්ලා උතුරේ උපවාස
ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හමුවට ශ්‍රී ලංකාවේ රජය ගෙනයන ලෙස ජගත් ප්‍රජාවට බලපෑම් කරමින් උතුරේ දීර්ඝ කාලීන උපවාසයක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කළ සියලු දෙනා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කර දෙමළ ජනයාට යුක්තිය ඉටු කර දෙන ලෙස ඉල්ලමින් ආගමික නායකයන්, විශ්වවිද්‍යාල සිසුන් හා සිවිල් ක්‍රියාධරයන් යාපනයේ ආරම්භ කළ උපවාසයට ප්‍රදේශයේ දෙමළ ජනතා නියෝජිතයන්ගේද සහයෝගය ලැබී තිබේ. යාපනය නල්ලුර් කන්දසාමි කෝවිල ඉදිරිපිට පෙබරවාරි 28 ඉරිදා ආරම්භ කළ උපවාසය මාර්තු 23 වනදා තෙක් අඛණ්ඩව පැවත්වීමට නියමිත බව සංවිධායකයෝ පළාත් බද මාධ්‍යවේදීන් සමග වැඩි දුරටත් පවසා තිබේ. උපවාසය…
Read Moreජිනීවා සමුළුවට ශ්‍රී ලංකාව ගැන කෙරෙන යෝජනා මොනවාද?
“ශ්‍රී ලංකාවට එරෙහි” යෝජනාවක් ජිනීවා නුවර මුළුදෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වැනි සැසි වාරයට ඉදිරිපත්වී ඇති බව මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ නිතර කියැවෙන දෙයකි. ශ්‍රී ලංකාවට පක්ෂව හෝ විරුද්ධව කිසිදු යෝජනාවක් සභාගත වී නැති නුමුත් රටේ මානව හිමිකම් නගා සිටුවීම සඳහා වන යෝජනා කෙටුම්පතක් සාකච්ඡා කිරීම මේ සතියේ ආරම්භ විය. ඒ ශුන්‍ය කෙටුම්පත (zero draft) යනුවෙන් හැඳින්වෙන ඊට සංශෝධන ගෙන ඒම සඳහාය. මාර්තු 11 දක්වා කාලය තුලදී කෙටුම්පත කිහිප වාරයක් සංශෝධනය විය හැකිය. අවසන් යෝජනා කෙටුම්පත සඳහා ඡන්ද විමසීම නියමිතව ඇත්තේ මාර්තු 22 දාය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…
Read Moreළමා නිවාසයේ අපචාරයට 12 අවුරුදු සිර දඬුවමක්!
දිනකට අඩුම වශයෙන් ස්ත්‍රී දූෂණ හතරක් වාර්තාවන ශ්‍රී ලංකාවේ, බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමකට වරදකරු වූ අයකුට අධිකරණය විසින් වසර 12 ක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කර තිබේ. පෞද්ගලික ළමා සංවර්ධන මධ්‍යස්ථානයක සිටි වයස අවුරුදු 16 ක බාලවයස්කාර දැරියක් එම ළමා නිවාසයේ සිටි පුද්ගලයකු විසින් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි ලැබී ඇත. ඒ අනුව, අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් සිදු කළ විමර්ශනයකින් පසු, පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශනය කළ බව ජාතික ළමා ආරක්ෂණ…
Read More