Day: March 3, 2021
ආණ්ඩුව දිගටම NGO සහාය ගැනීමට එකඟයි!
වධහිංසාවට ලක්වන කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් පිහිටවු මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු සදහා තව දුරටත් රාජ්‍ය නොවන සංවිධාන වල සහාය ලබා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රජය පවසන පරිදි හිංසනයෙහි වින්දිතයන් බවට පත්වන කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන් සදහා තාවකාලික රැකවරණ සැලසීම පිණිස උතුරු, නැගෙනහිර, බස්නාහිර හා සබරගමුව යන පළාත්වල තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ඉදි කර ඇත. ඒ අතුරින් යාපනය, මුලතිව්, මඩකලපුව, කොළඹ හා මාතර පිහිටි රැකවරණ මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු පවත්වාගෙන යාම සදහා 2018 වර්ෂයේ සිට Women in Need (WIN) සහ Jaffna Social Action Center (JSAC) යන රාජ්‍ය නොවන සංවිධාන…
Read Moreරැකියා සඳහා විදෙස්ගතවීම පහලට.
පුහුණූව ලත් ශ්‍රමිකයින් සඳහා රැකියා අවස්ථා 5,42,893 ක් මෙරටට ලැබී තිබුණත් ඒ සඳහා විදේශ ගතකර ඇත්තේ 79,785 ක ප්‍රමාණයක් බව ජාතික විගණන කාර්යාලයේ නවතම වාර්තාවකින් හෙළි වී ඇත. වර්ෂ 2015 සිට 2018 දක්වා කාලය තුළ මෙම රැකියා අවස්ථා ලැබී ඇත. මෙම කාලය තුළ සේවා වර්ගීකරණ 7 ක් යටතේ රැකියා අවස්ථා 13,76,465 ක් රටට ලැබී තිබේ. ඉන් ගෘහ සේවිකාවන් සඳහා 4,73,856 ක් ද, නුපුහුණු සේවා වර්ගීකරණය යටතේ රැකියා 2,80,261 ක් ලැබී තිබූ බවද එම වාර්තාව සඳහන් කරයි. ගෘහ සේවිකාවන් හා නුපුහුණු ශ්‍රමිකයින් සඳහා ලැබී තිබූ රැකියා අවස්ථාවලින් ශ්‍රමිකයන් 32% ක් සඳහා…
Read Moreවිදුහල්පති තනතුරු දේශපාලන හෙංචයියන්ට දෙන්න එපා! – ලංකා ගුරු සංගමය
මේ වන විට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1, 11 සහ 111 යන ශ්‍රේණිවල පුරප්පාඩු 4,600 ක් පමණ පවතින අතර, දැනට රට තුළ පවතින කෝවිඞ් වසංගත තත්වය හමුවේ තරග විභාගයක් සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ පවත්වා විධිමත් පත්වීම් ලබා දීම සඳහා වර්ෂයකට වඩා වැඩි කාලයක් ගත වන බව නිරීක්ෂණය වී ඇත. එම කරුණු සැලකිල්ලට ගනිමින් දැනට දීර්ඝ කාලයක් තිස්සේ විදුහල්පති තනතුරුවල වැඩ බලන සහ රාජකාරි ආවරණය කරන ගුරු සේවයේ සුදුසුකම් ලත් නිලධාරීන්ට සහ සේවා ව්‍යවස්ථාව අනුව සුදුසුකම් සපුරන ගුරු සේවයේ අනෙකුත් නිලධාරීන්ට ද අවස්ථාවස්ථාව ලබාදෙමින් මේ අවස්ථාවට පමණක් සීමා වන පරිදි තරඟ…
Read Moreසති දෙකකින් ඉල්ලීම් නොදුන්නොත් සෞඛ්‍ය සේවය වර්ජනයකට සුදානම්!
මාස හයකට අධික කාලයක් තිස්සේ සෞඛ්‍ය සේවකයන් විසින් සිදු කරන ලද ඉල්ලිම් මාලාවක් සම්බන්ධයෙන් මේතාක් යහපත් ප්‍රතිචාරයක් ලබා දීමට කටයුතු කර නොමැති බවට චෝදනා කරන සෞඛ්‍ය වෘත්තිය සමිතියක් සති දෙකක් ඇතුලත විසදුම් ලබා නොදුනහොත් අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බවට ආණ්ඩුවට අනතුරු අඟවා තිබේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි වෙත මාර්තු 01 සදුදා ලිපියක් යොමු කරමින් එම අනතුරු ඇගවීම කර ඇත්තේ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසිනි. එම සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමිගේ සහ සභාපති චමින්ද නිලන්තගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන එම ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ සෞඛ්‍ය සේවක…
Read Moreපොලිස් කොමිසම ගැන සභාපතිගේ විශේෂ හෙළිදරව්ව!
ජාතික පොලිස් කොමිසන් සභාව නව සැලසුමක් සමඟින් ඉදිරියට ගෙන යන බව ජාතික පොලිස් කොමිසමේ සභාපති, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පවසයි. 2018/2019 සමයේ ජාතික පොලිස් කොමිසමෙන් පොලිස් ස්ථාන වලට යවා ඇති ලිපි වලට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පෙන්වා දෙන ඔහු පවසන්නේ පොලිස් කොමිසම පොලිසියෙන් තොරතුරු විමසන ආකාරය වෙනස් විය යුතු බවය. මහජන පැමිණිලි වලදි පැමිණිලිකරු අපහසුතාවයට පත්ව ඇති කරුණු පිලිබඳ අවධානය යොමු කරනවා සේම ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාවලියක් අවශ්‍ය බවත් එසේ නොමැතිව ලැබෙන පැමිණිල්ල සාරාංශ කර පොලිස් ස්ථාන වලට යවා වැඩක් නැතැයිද ඔහු පෙන්වා දෙයි. පහුගිය දිනවල ජාතික…
Read More