ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ හා අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරුවලට දේශපාලන පළිගැනීම් කමිටුවල මුවාවෙන් දේශපාලන හෙන්චයියන් පත් කිරීමට කිසිම හිරිකිතයක් නැතිව ආණ්ඩුව අත ගසා තිබෙන බවත් සේවා ව්‍යවස්ථාවන්ට පටහැනිව සිදුකරන මෙම ක්‍රියාවන්ට එරෙහිව අධිකරණයට යාම පමණක් නොව මහ පාරේ අරගලයක් දක්වා දියත් කරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ සවස (30) මාධ්‍ය හමුවක් පවත්වමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. ” පසුගිය යහපාලන සමයේත් දේශපාලන පලිගැනීම් කියලා විශාල පිරිසකට දේශපාලන පත්වීම් දෙන්න උත්සාහ කළා.නමුත් අපි එයට එරෙහිව…
Read MoreMonth: March 2021
ක්ෂුද්‍ර මුල්‍ය ණය විරෝධී උද්ඝෝෂණ උතුරු නැගෙනහිරට පැතිරේ…
ගිනි පොලී ණය ගෙවා ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා ජගත් කාන්තා දිනයේ දී උතුරු මැද පළාතේ ආරම්භ කළ සත්‍යග්‍රහයට සහාය පළ කරමින් උතුරු නැගෙනහිර විරෝධතා දියත් කර තිබේ. මාර්තු 30 අඟහරුවාදා මුලතිව් නගර මධ්‍යයේ සහ පුදුකුඩිඉරිප්පු නගර මධ්‍යයේ විරෝධතා දියත් කරද්දී ණය බරින් මිරීකී සිටින නැගෙනහිර පළාතේ කාන්තාවන් විරෝධතාවය දියත් කර ඇත්තේ මඩකලපුව කිතුල ග්රාමයේදීය. මීට අමතරව මන්නාරම ඇතුළු ස්ථාන පහළොවකට වැඩි සංඛ්‍යාවක මහජන සැලසුම් සංසදය විසින් සංවිධානය කරන ලද විරෝධතා පැවැත්වුණු බව වාර්තාකරුවෝ පවසති. පොරොන්දු වූ පරිදි සියලු ක්ෂුද්‍ර මුල්‍ය ණය…
Read Moreමහරගම පොලිස් නිලධාරියාගේ උම්මත්තක ක්‍රියාව මවිතියට හේතුවක් නොවේ! – නීතිඥ බැසිල් ප්‍රනාන්දු
මහරගම පොලිස් නිලධාරියාගේ උම්මත්තක ප්‍රහාරය දෙස බලා සිනාසීම නොව අප ඇඬිය යුතු බව ආසියානු මානව හිමිකම් කොමිසමේ හොංකොං අධ්යක්ෂ, නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි. මහරගම පොලිස් නිලධාරියාගේ උම්මත්තක ක්‍රියාව කාගෙත් මවිතියට හේතු වී ඇති අතර නමුත් එය මවිතියට කරුණක් නොවන බවද ඒ මහතා පවසයි. මෙහි එකම වෙනස මහ පාරේ සිදුවීමත් එය වෙනත් අයට දැක ගැනීමට ලැබීමත් පමණක් යැයිද ඔහු අවධාරණය කර සිටියි. සෑම පොලිස් ස්ථානයකම, සෑම දිනකම රඟ දක්වන ජවනිකාව මීට වඩා වෙනස් එකක් නොවන බව පෙන්වා දෙන ඔහු පවසන්නේ ඒ තරම් අශිලාචාර මට්ටමක ශ්‍රී ලංකා පොලිසිය පවතින බවය. මෙය…
Read Moreරිය අනතුරු සිවිල් නඩුවකදී වින්දිතයාට සහනයක්?
සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන ගෙන ඒමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ දිනවල රිය අනතුරු ඉහළ යමින් පවතින අතර අධිකරණ වල ගොනු වන රිය අනතුරු පිලිබඳ නඩු සංඛයාවද ඉහළ යමින් ඇත. මෙහිදී එවැනි අනතුරක් සඳහා සහන ලබා ගැනීමට සිවිල් අධිකරණයක නඩු පැවරීමට සිදු වේ. එහිදී වින්දිතයා හෝ උරුමක්කරු විසින් නෛතික වෛද්‍ය වාර්තාව සහ අනෙකුත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතුව ඇත. ඒවා අනිවාර්යෙන් ඔප්පු කිරීමට යටත්ව වාර්තා වශයෙන් අධිකරණයේ සලකුණු කරනු ලබයි. එම වාර්තා වල අන්තර්ගත කරුණු ඔප්පු කිරිම සඳහා සාක්ෂි දීම පිණිස වෛද්‍ය නිලධාරියා අධිකරණය හමුවේ පෙනී සිටින…
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝධයා දැන් අවදි වෙලා – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සහ පක්ෂයේ ඉදිරි වැඩපිලිවෙල ඉදිරියට ගෙනයාම ජනතා අවශ්‍යාවයක් වී ඇතැයිද ඒ නිදහස් පක්ෂ යෝධයා නැඟිටුවීමේ වැඩපිලිවෙල දැන් සිදුකරමින් සිටින බවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉල්ලුමක් ඇති වෙමින් පවතින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැගිට්ටවන්න ඇයි ප්‍රමාද කියා සියලු දෙනා විමසන බවත් ඔහු කියයි. පක්ෂයක් ලෙස නව ජනතාවාදී ගමනකට සුදානම් බවත් කාලීන වශයෙන් සියල්ලම දැන් අලුතෙන් සිතන්නට වී ඇති බවත් තාක්ෂණයේ දියුණුව සමඟ මිනිසා අධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් කළ යුතුව ඇතැයිද හෙතෙමෙ පවසයි. ලෝකයේ වැඩිපුරම අසහනයෙන්…
Read More“ගම සමඟ පිලිසඳරක්” යනු ජාවාරම්කාරී ක්‍රියාවලියක් | environmentalist sajeewa chamikara
අතුරුදහන් නෑසියන් සොයන දෙමළ අම්මාවරුන් දින 1500 ක් මහපාරේ
බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් සොයා ගැනීම සඳහා දින 1500 ක් අඛණ්ඩ අරගලයක් දියත් කළද යුක්තිය නොලද දෙමළ මව්වරුන් ප්රමුඛ ඥාතීන් වව්නියාව නගරයේදී උද්ඝෝෂණයක් දියත් කර තිබේ. මෙම උද්ඝෝෂණය පවත්වන ලද්දේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 46 වැනි සැසිවාරයේදී සම්මත කරගන්නා ලද යෝජනාව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ප්‍රගතියක් අත් කරගෙන ඇතැයි ප්‍රකාශ කර තිබියදීය. වව්නියාව කන්දසාමි කෝවිල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පා ගමන නගරයේ පිහිටි ඔරලෝසු කනුව තෙක් ගමන් කර ආපසු කන්දසාමි කෝවිල තෙක් පැමිණ මාර්තු 28 ඉරිදා…
Read More“ගම සමඟ පිලිසඳරක්” යනු ජාවාරම්කාරී ක්‍රියාවලියක් – පරිසරවේදී සජීව චාමිකර
වනාන්තර එළිපෙහෙළි කිරීම සාමාන්‍ය දෙයක් බවට සමාජ ගත කරමින් පවතින බවත් විශේෂයෙන් ගම සමඟ පිළිසඳර වැනි වැඩසටහන් වලින් රක්ෂිත වනාන්තර තුල මෙතෙක් මිනිසා භාවිතයට ගන්නා කොටස් භාවිතයට ගැනීම ගැටලුවක් නොමැති බව අඟවා සිටීමක් සිදු කරන බව පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි. පරිසර විනාශය මේ වනකොට පක්ෂ, දේශපාලන තත්ත්වයකට ලඝු කිරීමට උත්සහ ගනිමින් සිටින අතර නමුත් මෙය ආර්ථික සහ දේශපාලනික සංකලනයක් ලෙස තමන් දකින බවත් එසේ නොමැතිව පක්ෂ දේශපාලනයක් නැතැයි ඔහු පවසයි. ඒ අඟවා සිටිමෙන් පසු ජනතාව ඉඩම් එළි පෙහෙළි කරන බවත් නමුත් අවසානයේ සැබවින්ම එහි සිටින්නේ ජාවාරම්කරුවෙක් යැයිද ඔහු කියයි.…
Read Moreපොලිසිය මහමඟ පුද්ගයෙකුට පහර දෙයි. රටේ නීතිය කෝ ?
පොලිස් නිලධාරියෙකු විසින් ප්‍රධාන මාර්ගයක පුද්ගලයෙකුට බිම දමා පහර දෙන වීඩියෝවක් මේවන විට මාධ්‍ය වල මෙන්ම, සමාජ මාධ්‍ය වල සීඝ්රයෙන් සංස්කරණය වෙමින් පවතියි. එම නිලධාරියා හැසිරෙන්නේ ද්වන්ද සටනකට පිවිස ඇති අයුරින් ප්‍රතිවාදියා බිම දමමිනි. මෙම නිලධාරියාගේ කෝපයට හේතු වී ඇත්තේ ඔහුගේ ප්‍රධානියාව මොහුගේ ලොරි රථයේ ගැටීමය. අද (29) උදෑසන මහරගම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා වාහන හසුරවමින් මාර්ගයේ මැද සිට කහ ඉර දෙසට ගමන් කරමින් සිටියදි ( පන්නිපිටිය පාරමී කුලතුංග මාවත අසල කලර් ලයිට් ඒක ) පසු පසින් පැමිණි මහේන්ද්‍රා වර්ගයේ කුඩා ලොරි රථයක් මොහුගේ පසු පස ගැටී ස්ථානාධිපතිවරයා අනෙක්…
Read Moreඋතුරේ තවත් අක්කර 400ක් පවරා ගැනීමේ පුරාවිද්‍යා සැලසුම්!
මතබේදයට ලක්වී තිබෙන පුරාවිද්‍යා ගවේෂණ නාමයෙන් උතුරු පළාතේ යුද පීඩිත දෙමළ ජනතාවටත්, වනාන්තරයටත් අයත් තවත් අක්කර සිය ගණනක් පවරා ගැනීමට දැරෙන උත්සාහයක් ගැන කරුණු හෙළිවී තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව සැලසුම් අනුව මෙසේ පවරා ගන්නට යන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ තන්නිමුරිප්පු ප්‍රාදේශයේ කුරුන්තූර් සිව දේවාලය අවට භූමියයි. ඒ අවට පිහිටි අක්කර හාරසීයක් ‘බෞද්ධ ශුද්ධ භූමියක්’ බව කොළඹ බලධාරීහු පවසති. මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම්ට යවන ලිපියකින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ දෙමළ ජනතාව පාරම්පරිකව වාසය කළ එම ඉඩම් වැඩිදුර ගවේෂණ කටයුතු සඳහා භාර දෙන ලෙසයි. 1932 වර්ෂයේ සිතියමක් උපුටා දක්වමින් පුරාවිද්‍යා බලධාරීන් මුලින් පවසා ඇත්තේ…
Read More