“සේවක අයිතීන් සුරැකෙන ලෙස නිරෝධායන මාර්ගෝපදේශ නිකුත් කරනන්න” මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි

“සේවක අයිතීන් සුරැකෙන ලෙස නිරෝධායන මාර්ගෝපදේශ නිකුත් කරනන්න” මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි

නිදහස් වෙළෙද කලාපය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වන කොවිඩ් මර්දන ව්‍යාප්තියේ දී  කම්කරු ප‍්‍රජාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන  ලෙස ඒ කටයුතු සිදු කිරීම සදහා අවශ්‍ය මාර්ගපදේශයන්/නිර්නායක නිකුත් කරන ලෙස නිදහස් වෙළද  කලාපයේ සේවක අයිතිවාසිකම් සදහා සිවිල් සමාජ ඒකතුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී. එමෙන්ම, එම මාර්ගෝපදේශයන්/නිර්ණායක කොවිඩ් මර්දනය සදහා පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය, කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම සදහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය, ශ‍්‍රී ලංකා යුද හමුදාව සහ ශ‍්‍රී ලංකා පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන වෙත එකී නිර්ණායක අනුගමනය කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටී. මේ සම්බන්ධව මානව හිමිකම්…

Read More

ගම්මන්පිල සැකකරුවකු සැඟවීම “නීතිඥ වෘත්තියට නිගාවක්”

ගම්මන්පිල සැකකරුවකු සැඟවීම “නීතිඥ වෘත්තියට නිගාවක්”

පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීම මගහැර සිටීමට සැකකරුවකුට ආධාර අනුබල දුන් බව ප්‍රසිද්ධියේ පිළිගනිමින් වෘත්තිය ආචාර ධර්ම කෙලෙසීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල නීතිඥ වරයාගෙන් කරුණු විමසන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. සමස්ත ලංකා මහජන කොන්ග්‍රස් නායක රිෂාඩ් බදියුද්දීන් පොලිසියට අල්ලා ගැනීමට නොහැකි වීම  සම්බන්ධයෙන්  ඉකුත් සති අන්තයේ මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් නීතිඥවරයකුද වන ගම්මන්පිල අමාත්‍යවරයා කියා සිටියේ තමන්ද තිස්පස් දිනක් තිස්සේ සිය පක්ෂයේ නායකයකු වන මධුමාධව අරවින්ද පොලිසියෙන් සඟවාගෙන සිටි බවයි. “නීතිඥ වරයකු ලෙස ඔහු කර ඇති ප්‍රකාශය සමස්ත නීති වෘත්තියටම නිගා…

Read More

මදූෂ් මැරුවේ ප්‍රභූන්ගේ කුඩු දේශපාලනය යට ගහන්න ද?

මදූෂ් මැරුවේ ප්‍රභූන්ගේ කුඩු දේශපාලනය යට ගහන්න ද?

මාකඳුරේ මදූෂ් යනු ප්‍රකට අපරාධකරුවෙක් බව ලංකාවේ පොලීසිය පසුගිය කාලයේ අපට පුන පුනා කියමින් සිටියා. මේ පොලීසියම මෙම පාතල නායකයා වටා විශාල සාහිත්‍ය අවකාශයක් ද පසුගිය කාලයේ ගොඩනැඟුවා. එනිසාම අප සිතුවේ ඈත මෑත ලංකාවේ ලොකුම පාතාලයා මාකඳුරේ මදූෂ් කියලා. සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මදූෂ්, දකුණේ මාකඳුර ගමේ ඉපදුන පුද්ගලයෙක්. ඔහු පාසලේදී හොඳට ඉගනගත් තරුණයෙක් බව තමයි ඔහු වටා ගොඩනඟපු සාහිත්‍ය අපිට කිව්වේ. පාසල් සමයේ ශිෂ්‍ය නායකයෙක් කියලා ඒ සාහිත්‍යම අපිට කිව්වා. ඊළඟට ඔහු මාතර මහා රෝහලේ සුළු සේවිකාවක් සමග විවාහ ගිවිස ගැනීම, ඇයට ඔහුට දාව දරුවෙකු ලැබීමේ කතාවේ…

Read More

“මම ඒගොල්ලන්ගෙ රෙදි ගැලවෙන්න සියල්ල හෙළි කරනවා” – මාකඳුරේ මධුෂ්

"මම ඒගොල්ලන්ගෙ රෙදි ගැලවෙන්න සියල්ල හෙළි කරනවා" - මාකඳුරේ මධුෂ්

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් නැමැත්තා අද (20) උදෑසන 3ට පමණ  කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටී. ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසුව ලංකාවේ දී අත්අඩංගුවට පත්ව මාස 18ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව භාරයේ සිටි මධුෂ් දැනට දින කිහිපයක පෙර කොළඹ අපරාධ කොට්ඨාශය භාරයට ගෙන තිබුනේ වැඩි දුර පරීක්ෂණ සදහා බව සදහන් කරමිනි. පොලීසිය පවසන්නේ කොළඹ අපරාධ කොට්ඨාශයට සිදුකල පරීක්ෂණ අනුව, මාලිගාවත්ත ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් ද පිළිබදව තොරතුරු හෙලිවීම නිසා,…

Read More

වෙඩි හුවමාරුවකින් “මාකඳුරේ මදූෂ්” මරුට

වෙඩි හුවමාරුවකින් “මාකඳුරේ මදූෂ්” මරුට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් “මාකඳුරේ මධූෂ්” මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සහ පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණය අසළ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. කොළඹ අපරාධ කොට්ඨාසයට භාරයේ පසුවන මාකඳුරේ මධූෂ් පොලීසියේ අනුදැනුම මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකට දුරකථන ඇමතුමක් ලබාදී මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණය අසළට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේ. පොලීසිය සමඟ එම ස්ථානයට ගිය අවස්ථාවේදී අදාළ ජාවාරම්කරුවන් මධුෂ් බේරා ගැනීම සඳහා…

Read More

බලපෑම් හමුවේ සේතුපති ඉවත් වෙයි. මුරලි චිත්‍රපටය අවධානමක…

බලපෑම් හමුවේ සේතුපති ඉවත් වෙයි. මුරලි චිත්‍රපටය අවධානමක...

තමිල්නාඩුවේ වෙබ් අඩවියක් වූ ද නිව්ස් මිනිට් වාර්තා කරන අන්දමට විජය සේතුපති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබූ 800 නම් වු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑමෙන් ඉවත් වී තිබේ. එම ප්‍රතිචාරය විජය සේතුපති විසින් දක්වා තිබෙන්නේ මුත්තයියා මුරලිදරන් විසින් මෙම චිත්‍රපටයේ රගපෑමෙන් විජය සේතුපතිගේ වෘත්තීය ජීවිතයටත්, ඔහුගේ ජීවිතයට පත් විය හැකි අනතුරුදායක බව ගැන සඳහන් කරමිනි. ඊට ප්‍රතිචාර දක්වමින් විජය සේතුපති දෙමළ භාෂාවෙන් පවසා ඇත්තේ ඔහු එය පිළිගත් බවකි. ද නිව්ස් මිනිට් වෙබ් අඩවිය විජය සේතුපතිගේ ප්‍රචාරක අංශයේ යුවරාජ්ගෙන් විමසීමේදී ඔහු සඳහන් කර…

Read More

“ප්‍රජාතන්ත්‍රවාදය රාජපක්ෂවරුන්ට අරහං” – නීතීඥ රවී ජයවර්ධන

“ප්‍රජාතන්ත්‍රවාදය රාජපක්ෂවරුන්ට අරහං” - නීතීඥ රවී ජයවර්ධන

අධිකරණය සතු බලය විධායකය තමන් සතුකරගන්නවාට අධිකරණයෙහි විරුද්ධත්වයක් නොමැතියි බව ශ්‍රේෂ්ඨාධිකරනය ලබා දී තිබෙන තීන්දුවෙන් පෙනෙනවා. අපි මෙතනින් මේ සංවාදය අරඹමු! අධිකරණයට බලපැම් කිරීම 2015ට ප්‍රථම සිදු වුණා. ඒක අපි දැක්කා. අරලියගහ මන්දිරයෙන් තමා නඩු තීන්දු එන්නේ කියන එක නීතිඥ ක්ශේත්‍රයේ ඉන්න අපි සියළු දෙනාම දන්නවා. ඒ වගේ අධිකරණයට වෙන දේවල් අපි දැක්කා. ශිරානි බණ්ඩාරනායක මැතිනියගේ සිදුවීම වගේ නිදර්ශන ඕනෑ තරම් දෙන්න පුලුවන්. වර්තමානයේදීත් අධිකරණයට එම ආකරයේම බියක් ඇතිවී ඇතිබව අපට හැඟී යනවා. 20 පිළිබඳව ඔබ මොකක්ද හිතන්නේ විස්ස සම්බන්ධයෙන් ඇත්තටම හිතන්නේ, එය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල වරදක් සිදු කල…

Read More

ලාංකික සම්භවයක් ඇති මානව හිමිකම් ක්‍රියාකාරිනියක් නවසීලන්ත පාර්ලිමේන්තුවට

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් පළමුවරට නවසීලන්තයේ පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. මෙසේ තේරී පත්ව ඇත්තේ වනුෂි වෝල්ටර්ස් නම් තරුණියකි.  ඇය ඝාතනයට ලක් වු මාධ්‍යවේදී රිචඩ්ද සොයිසා මහතාගේ ඥාතී දියණියකි. නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩෙන්ගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්ෂයෙන් වනුෂි වයඹ දිග ඔ්කලනඩ් ආසනය වෙනුවෙන් පාර්ලිමේන්තුවට තරඟ වැදී ඇත. ඇයගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වී ඇත්තේ නවසීලන්ත ජාතික හැමිල්ටන්හි ක්‍රිකඩ් ක්‍රීඩකයෙකු වන ජේක් බෙසන්ට්ය. ඔහු මනාප 12,727 ක් ලබා ගනිද්දි වනුෂි මනාප 14,142 ක් ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. ශ්‍රි ලංකාවේ ඉපිද වයස අවුරුදු 05 දී නවසීලන්තයේ පදිංචියට ගොස් ඇති, ඇය මේ වන විට…

Read More

ගෝඨාභයගේ මේ අත්හදා බැලීම විගඩමක් වෙන්න නියමිතයි! – නීතිඥ ශිරාල් ලක්තිලක

ගෝඨාභයගේ මේ අත්හදා බැලීම විගඩමක් වෙන්න නියමිතයි! - නීතිඥ ශිරාල් ලක්තිලක

නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ගැන ඔබගේ අදහස කොහොමද? 20 වන සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම දැන් අවසන් වෙලා තියෙනවා, එය පුදුමයට කරුණක් වෙන්නේ එම මතය, පාර්ලිමේන්තුවේ කතානායකවරයා අතට පත්වීමට පෙර සමාජ මාධ්‍ය අතට ගිහින් අපි අතට පත්වීම. එය නරක පූර්වාදර්ශයක් බව කිවයුතුයි. මෙම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ දුන්න නිවැරදි තීන්දුව ද කියලා අපි බැලිය යුතුයි. කෙසේ වෙතත්, මෙම තීන්දුව දිහා බැලුවම පෙන්නේ එය ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කියලා. එනිසා ඒ පිළිබඳව යම් මතයක් මේ වෙලාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලියල තියන විදියට අනුව, 83වැනි වගන්තියට අනුව විතරයි හැමදේම තක්සේරු…

Read More

නිරෝධායන ගැසට්ටුවට අනුව 20 ගැන විවාදය නීති විරෝධීයි – විපක්ෂ ප්‍රධාන සංවිධායක

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ ඒය පාලනය කිරිම සඳහා නිරෝධායන ගැසට්ටුවක් නිකුත් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේ ඉකුත් ඔක්තෝම්බර් 15 දා මධ්‍යම රාත්‍රියේදීය. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුක්තවය. එම ගැසට්ටුවට අනුව ඔක්තෝම්බර් 16 වෙනි දින සිට නිරෝධායන  නීතිය බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. මෙම ගැසට්ටුවේ නීති කඩන පුද්ගලයින්ට රුපියල් 10,000 කට නොවැඩි දඩයක් හෝ මාස 06 ක සිර දඩුවමක් හෝ ඒම දඬුවම් දෙකම ලබා දීමට පියවර ගැනීමට අධිකරණයට හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණි. මේ අතර 20 වෙනි ව්‍යවස්ථා…

Read More