ටෙලිකොම් අදානිට විකුණයි ද..?

 

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉන්දියාවේ අදානි සමාගමට විකිණීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය වෙමින් පවතින බව ‘ඇත්ත’ පුවත්පත වාර්තා කොට තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතය මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය වන විට ලබා ඇති ලාභය රුපියල් බිලියන 79.9ක් සහ ඒ කාලය තුළ භාණ්ඩාගාරයට ලබාදී ඇති මුදල රුපියල් බිලියන 21ක් බව ද පැවසේ.

ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීම සඳහා මේ වන විට රජය ගෙන ඇති තීරණයන්ට අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවද කඩිනමින්ම ඉන්දියානු සමාගමකට විකිණීමේ සාකච්ඡා පැවැත්වෙන බව ද වාර්තා වේ.

ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටින්නේ මෙම ආයතන විකිණීමෙන් ඩොලර් බිලියන තුනක් ඩොලර් සංචිතයට එක්කරගත හැකි බවයි. එසේ ඩොලර් බිලියන තුනක් සොයා ගැනීමට විකිණිය හැක්කේ ලාභ ලබන ආයතන වන අතර ලාභ නොලබන ආයතන කිහිපයක් ද ඒවායේ දැනට පවතින සියලු ණය බර රජය විසින් භාරගැනීමෙන් පසු විකුණා දැමීමේ තීරණයකට රජය පැමිණ සිටින බව ද එය ජනාධිපතිවරයාගේ ප්‍රකාශවලින් පැහැදිලි වන බවද මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් පවසා තිබේ.

ආණ්ඩුවේ මෙම උපාය මාර්ගයට අනුව ජාත්‍යන්තර ණය වර්ගීකරණයේ හිමිව ඇති බංකොලොත් භාවයෙන් මිදී තව තවත් ණය ලබා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගැනීම සඳහා මෙසේ විකුණාගෙන කෑමේ ප්‍රතිපත්තියකට පිවිසීමට රජය තීරණය කර ඇති බවද පැවසේ.

‘ඇත්ත’ ඇසුරිනි.

Social Sharing
නවතම