ණය ප්‍රතිව්‍යූහගත කරන තුරු ජපන් අරමුදල් අත්හිටුවයි

ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) විසින් මෙරට පවත්වාගන යන ව්‍යාපෘති 12ක් සඳහා අරමුදල් සැපයීමඅත්හිටුවා තිබේ.

මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ එකඟතාවක් ඇති වන තෙක් ජයිකා ආයතනය මෙසේ අරමුදල් සැපයීම අත්හිටුවා ඇති බවයි.

එම අදාළ ව්‍යාපෘති අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය වන බව නිමල් සිරිපාල සිල්වාමහතා පවසයි.

එහිදී සර් ලංකාවේ ණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් (IMF) සහතිකයක් ජයිකා ආයතනයට අවශ්‍ය බව දැනුම් දීඇති බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ එකඟතාවයකට පැමිණීමෙන් පසු ව්‍යාපෘති සඳහා අරමුදල් ලබාදීම නැවත ආරම්භකිරීමට සූදානම් බව එම ආයතනය දන්වා ඇති බව මහතා පාර්ලිමේන්තුව හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

(නිව්ස්පීඩියා)

Social Sharing
නවතම