රුවන්වැලි මහා සෑයට සයන පූජාවක්!

- ධනංජය කරුණාරත්න -

මේ මෑත කාලයේ සිට මේ වගේ විකාර පූජාවන් සෑහෙන්න මතුවෙන්න ගත්තා. විශාල පලතුරු සහ මල් පූජාවන්, ගැහැණුන්ගෙ කෙස් කළඹ මතින් ඇවිදීම්, සුදු ඇඳගෙන බඩගාගෙන වැදීම් වගේ තව තොගයක් තියෙනවා. මේවායේ මූලය බැලුවොත් අපට හමුවන්නේ දේවාලවල තියන භාර හාරයි. වඩාත් ඈතට යනකොට මේවාට කප් ගහපු කට්ටිය ඉන්නෙ ඉන්දියාවේ දේවාල වලයි. බෞද්ධ සම්ප්‍රදායන් වලට ද සම්බන්ධකරගෙන තියෙන්නෙත් ඒවායි.

මේවා කාට හෝ පුද්ගලික වශයෙන් හෝ ප්‍රජාවක් ලෙසට මුලින්ම අවශ්‍ය වෙන්නේ තමන්ට ඇතිවෙලා තියන කිසියම් උපද්‍රවයක් හෝ යම් කිසි දෙයක් පරාජය කරන්න හෝ ජයග්‍රහණය කරන්නට වැනි අතිශය භෞතික ජීවිතයේ ඇති උවමනා එපාකම් වලට පිළිතුරු වශයෙන්. නමුත් එහෙම හෝ කොහොම හෝ වේවා මෙවැනි විශාල පිරිසක් සම්බන්ධ කරගෙන අති විශාල මුදල් කන්දරාවක් යටකරන ව්‍යාපෘති වල දී අදහස නිතරම ඉහළ පූජක පාර්ශවයක් සම්බන්ධ එහි පරිපාලනය විසින් හෝ එම පාර්ශවයව අනූමත කර ගැනීමට තරම් බලවත් පාර්ශවයක් එක්ක මෙම අදහස ක්‍රියාත්මක විය යුතුයි. බලවත් දේවාලයක කපුවෙක්, දේශපාලකයෙක් හෝ ව්‍යාපාරිකයෙක් ආදී වශයෙන්.

මෙම ව්‍යාපෘති පදනම් වෙලා ඇත්තේ ආගමික සිද්ධාන්ත වලට වඩා ආර්ථික සිද්ධාන්ත සහ ව්‍යාපාරික සංකල්ප මතයි.’සයන පූජාව’ ඇසුරින් කතා කරනවානම්, එයට අවශ්‍ය භාණ්ඩ, උපකරණ (ඇඳවල් සහ බුදුපිළිම ආදිය)සහ සේවාවන් සැපයීමේ කොන්ත්‍රාත්තු කවුරු කාට දුන්න එකක්ද? ඒ වගේ සයනයක් අවශ්‍ය කෙනෙකුට පූජා කරන්න නම් හදලා තියෙන්නේ ඒවා මෙම රුවන්වැලි මහා සෑයේ පාමුලට ගෙනාවෙ ඇයි? එසේ ගෙන එන්නේ රුවන්වැලි මහා සෑයේ සංකේත වටිනාකම එකතු වී ලි සහ යකඩ වලින් වැඩ පොලක හැදූ එක ඇඳක සංකල්පීය වටිනාකම (conceptual value) ‘පූජනීය සයනයක්’ ලෙසට විශාල ප්‍රමාණය ඉහළ යැවීමටයි. ඒ හරහා අති විශාල මුදල් ආධාර කන්දරාවක් මෙම ව්‍යාපෘතියට එකතු වෙනවා. භාණ්ඩ සේවාවන් සැපයූවන්ගේ සිට විහාරස්ථානය දක්වා ඒ ලාභය බෙදී යන ආකාරය ඔබට තේරුම් ගන්න අපහසු නැහැ.

මීට හසුවන මිනිස්සුන් මොන හෝ ප්‍රාර්ථනාවක් මෙවැනි ව්‍යාපෘතියක් ඇතුලේ ඇති කරගන්නවා නම් ඒ ප්‍රාර්ථනාව ඇති වී ඇත්තේ, විෂයක් සහ දෙපාර්තමේන්තුවක් විදිහට විග්‍රහ කරල බලනකොට, එකත් එකටම රජයේ අමාත්‍යංශයක් යටතේ ඇති අධ්‍යාපන ආයතනයක්, රෝහලක් හෝ උසාවියක් විසින් කර දිය යුතු දෙයක් හරියට නොකිරීම නිසයි. එවැනි බලාපොරොත්තු දිගින් දිගටම කැඩෙන ප්‍රමාණයට මෙවැනි ව්‍යාපෘති වලට අති විශාල ප්‍රාග්ධනයක් එකතු වෙනවා. වඩාම බලාපොරොත්තු කැඩුණු පන්තීන් වල ජන කොටස් වඩාම මේ වටා එකතු වන ජනතාවයි.දේශපාන බලාපොරොත්තු කැඩුණු මිනිසා ආගමික විශ්වයක් තුළ විශාල වෙළදපොලක පාරිභෝගිකයෙක් වෙනකොට එම පාරිභෝගිකයා කරා ව්‍යාපාරිකයින් ළඟාවීම පුදුමයට කරුණක් නෙමෙයි. මිනිස්සුන්ගේ විනෝදය පවා පාලනය කර ඇති පූජා නගරයේ ජාතියේ මුදුන් මල්කඩ කියන රුවන්වැලි මහා සෑයේ මිදුලටම සඟුන් ගේ අවසරය ඇතුවම ‘වෙළෙන්දන් ගේ විනෝදය’ සඳහා ඒ වෙළෙඳපොළ ඇවිත් බවයි මේ කියන්නේ.මේවට අනුමතය දෙන විහාරස්ථානාධිපතිවරු ද බුදුන් මෙවැනි දෙයක් අදහස් නොකල බව පැහැදිලිව දන්නා නමුත් ඒවාට සහයෝගය දක්වන්නේ ඇයි කියන කාරණය තේරුම් ගන්න අපහසු නෑ.

උපුටාගැනීම : ෆේස්බුක්

 

Social Sharing
නවතම විශේෂාංග