රට තුළ වඳුරු උණ හොයන්න අද සිට පරීක්ෂණ


රට තුළ මන්කිපොක්ස් ආසාදිතයින් සිටී දැයි සොයා බැලීම සඳහා අද(08) සිට පරීක්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පරීක්ෂණ කට්ටල ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ ය.

අදාළ පරික්ෂණ කට්ටල අද දිනයේදී බොරුල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට සහ මහනුවර මහ රෝහලට ලබා දීමට කටයුතු කරන බව ඔහු පැවසීය.

Social Sharing
නවතම