ලිබියානු ජනතාවත් පාරට

අඛණ්ඩ විදුලි කප්පාදුව, අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සහ දේශපාලන අර්බුදයට වහා විසඳුම් දෙන ලෙස ඉල්ලමින් ලිබියානු වැසියන් වීදි බැස තිබේ.

මේ අනුව ලිබියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශ රැසක ජනතාව පාරට බැස විරෝධතා ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එසේම පවතින සන්නද්ධ හමුදා ඉවත් කිරීම ද විරෝධතාකරුවන්ගේ තවත් එක් ඉල්ලීමකි.

තව ද උණුසුම් වූ විරෝධතා හමුවේ ප්‍රකෝපකාරි වූ පිරිස් පසුගිය සතියේ ලිබියාවේ නැගෙනහිර ටොබ්රුක් නගරයේ පාර්ලිමේන්තුවට කඩා වැදී එහි කොටසකට ද ගිනි තැබුවේය.

Social Sharing

නවතම විදෙස්