තවත් වසර 6කට මහ බැංකු අධිපති නන්දලාල්

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිර්දේශ මත ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වසර 6ක ධුර කාලයක් සඳහා නැවතත් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කර තිබේ.

එනම් මහ බැංකු අධිපතිවරයාධූර කාලය අවසන් වීමට පැවති අතර නව මහ බැංකු අධිපතිවරයෙකු නම් කිරීමේ බලය අගමැතිවරයා සතුවිය. එම නිසා මහ බැංකු අධිපතිවරයා ලෙස නැවත වතාවක් නන්දලාල් වීරසිංහ මහතා පත් කරන ලෙසට නිර්දේශ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ලිපියක් යොමුකර තිබුණි.

කෙසේනමුත් පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නන්දලාල් වීරසිංහ මහතා පිළිබඳව පැහැදීමක් නොමැති බවකි.

Social Sharing
නවතම