ඇයි මෙච්චර පොඩි.?

පැරණි ග්‍රීක හා රෝම පුරුශ පිලිම දිහා බලන බොහෝ දෙනෙක් අහන ප්‍රශ්ණය තමයි ඇයි මේ තරම් පොඩි කියල.

එහෙමත් නැත්තං මොකද මේ පිලිම වල පුරුශ ලිංගය මේ තරම් කුඩා කියල.

ග්‍රීකයින් තමයි මිනිස් ශිෂ්ඨාචරයේ මුල්ම පිලිම නෙලීම ක්‍රමවත්ව පටන් ගත්තෙ.

ක්‍රිස්තු පූර්ව 800/900 කාලය දක්වා විහිදෙන මේ ග්‍රීක ශිෂ්ඨාචාරයේ අභාශයෙන් තමයි ලෝකයේ මුල්ම බුද්ධ ප්‍රථිමාව  ( Gandhara Buddha) නිර්මාණය වුනෙත් ඉන්දියානුවන්ගේ ගල් කැටයම් ශිල්පය දියුණු වුනෙත්.

නමුත් හර්කියුලිස්ගේ ඉඳල… ඩේවිඩ්.. හර්මේස් . ඇපලෝ..  නෙප්චූන් දක්වා සියලුම දෙවියන් හා ප්‍රසිද්ධ පුරුශ පිලිම වල පුරුශ ලිංගය ඉතාම කුඩායි.

( මේ කතා කරන්න  ලැජ්ජා විය යුතු මාතෘකාවක් නෙවෙයි).

විශාල පෞර්ශවයක් හිමි මෙන්ම හොඳින් වැඩුනු මස්පිඩු සහිත ශරීරයක් සහිත පිරිමින්ගේත් ශරීර වලට මේ ලක්ශණය පොදුයි.

මේ ගැන තිබුනු ප්‍රධාන මතයක් තමයි පිලිම හා රූප හරහා ලිංගික ආකර්ශණයක් ඇතිවීම වැලැක්වීමට යි මේ රීතිය අනුගමනය කරල තියෙන්නෙ කියල.

නමුත් මේ සම්භන්ධයෙන් දීර්ඝ වශයෙන් පර්‍යේශණ  කරපු හාර්වඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය ඇන්ඩෲ ලියල්. ( Andrew Liyale)  මෙන්න මෙහෙම මතයක් ඉදිරිපත් කරනව.

විශාල පුරුෂ ලිංගයක් හිමිවීම පිරිමි කමේ ලක්ශණයක් විදිහට සමහරක් සමාජ විසින් සලකන්නෙ මෑත කාලීනවයි.

නමුත් පුරාණ ග්‍රීක සමාජයේ පිරිමියෙකුගේ බලය තීරණය වුනේ ලිංගයේ ප්‍රමානය මත නෙවෙයි.

කොයි තරම් ක්‍රියාශීලී හා දැනුම ඇති කෙනෙක්ද… කාන්තාවන් දරුවන් හා දුර්වල පුද්ගලයින් කෙරේ කොතරම් අවධානයකින් හා සැලකිල්ලකින් වැඩ කරනවද..  අසාධාරණයට හා අයුක්තියට එරෙහිව තමන්ගෙ කටහඬ හා බලය අවධි කරනවද වගේ කරුණු මතයි පිරිමි කම හෙවත් පුරුශත්වය ගොඩ නැගුනෙ.

මානසික ශක්තිය හෝ කැපවීමේ හැකියාව නැති පිරිමින් තමන්ගේ පුරුශ ශක්තිය හෝ  පිරිමි කම පෙන්වීමට පුරුශ ලිංගයේ ප්‍රමාණය සැලකිල්ලට ගැනීම ඒ කාලය තුල විහිළුවට ලක්වුනා.

එවැනි පිරිමින් අශිෂ්ඨ හා නොහික්මුණු පිරිසක් විදිහටයි ගනන් ගැනුනෙ.

මෙතනින් අදහස් වෙන්නෙ නෑ ලිංගිකත්වය හෝ රාගය පිටු දකිනව කියල.

මිනිසෙකුගේ ලිංගික ආකර්ශණය ඇති වෙන්නෙ කථාවේත් හැසිරීමේත් ඇති හැකියාව .. සිනහව… ප්‍රහසනය හා සුදුසු වචන තෝරා ගැනීමේ හැකියාව මත මිස පුරුශ ලිංගයේ දිග පලල මත නොවේ.

එලෙන් ඔරෙඩ්සන්. ( Ellen Oredson ) පිලිගත් කලා කෘති විශ්ලේශිකාවක්.

එයා  කියනව “එදා  සමාජයේ පුරුශයාට හිමි තැන තීරණය වුනේ නුවණ.. අවංක කම.. විශ්ලේශණ හැකියාව සහ අවශ්‍ය ස්ථානයේදී නැගී සිටීම මත මිස ලිංගයේ ප්‍රමාණය මත නොවේ” යනුවෙන්.

සමාජයීය වටිනාකම තියෙන්නෙ කොතනද යන්න පිලිබඳව ගැටළුවක් මේක.

“This is a question about Social Values.”

නමුත් එක්දාස් නවසිස හැට ගනන් වල නිර්මානය වූ ලිංගික චිත්‍රපට ( Porn movies) හරහා තමයි   Big is Better කියන සංකල්පය ගොඩ නැගුනෙ.

“කාන්තාවකට වඩා පුරුශයා විශිෂ්ඨයි ඒ වගේම බලවත් “කියන්න පුරුශ ලිංගය යොදා ගන්නා පුරුශ පක්ශයට මේ කතාව වැදගත් කියල හිතුනු නිසයි ලීවෙ.

Pictures: Geneve Museum.

Malcolm sang ගේ ෆේස්බුක් බිතෙන් උපුටාගතිමු

Social Sharing
නවතම විශේෂාංග