රට බංකොලොත් බව මේවනවිට මහබැංකුව නොනිළ වශයෙන් පිළිගෙන ඇත.
ඒ අනුව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව සියලු සාමාන්‍ය ණය සේවා තාවකාලිකව අත්හිටුවන බව ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දී නිර්දේශ කරනු ලැබීමට නියමිත ආර්ථික ගැලපුම් වැඩසටහනකට අනුකූළව ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදුවන තුරු මෙසේ තාවකාලික කාල සීමාවක් සඳහා ණය සේවා අත්හිටුවන බව මුදල් අමාත්‍යංශය අද (12) නිකුත් කළ එම නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව පූර්ණ ආර්ථික ප්‍රතිසාධන වැඩපිළිවෙලක් නිර්මාණය කරන තුරු මූල්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලැබූ තාවකාලික හා හදිසි ක්‍රියාමාර්ගයක් ලෙස මෙම අත්හිටුවීම සිදුකරන බව එම නිවේදනය සඳහන් කරයි.