යේමනයේ යුද්ධයෙන් මරණ මංචකයට යති ළමා සොල්දාදුවෝ.

යේමනයේ කැරළිකරුවන් විසින් බඳවා ගන්නා ලඳ ළමා සොල්දාදුවන් 1500කට අධික සංඛ්‍යාවක් 2020 වසරේ හා තවත් සියයක් පමණ 2021 වසරේ මියගිය බවට එක්සත් ජාතීන් අනාවරණය කරගෙන තිබේ.

ආරක්ෂක කවුන්සිලය වාර්ථාවක් නිකුත් කරමින් සඳහන් කරේ මේ වන විටත් කැරළිකරුවන් ඔවුන්ගේ මතවාදය පතුරුවා හැරීම සඳහා කඳවුරු සහ මුස්ලිම් ආගමික සිද්ධස්ථාන වෙත ළමුන් බඳවා ගන්නා බවයි. 2015 වසරේ ආරම්භ වූ මෙම යුද්ධයෙන් ළමුන් 10,000කට අධික පිරිසක්  මියගොස් ඇති බවත් සිවිල් වැසියන් මිලියන ගණනක් අවතැන් වී සාගතයට ලක් වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශ කර ඇත.

මෙම ළමා සොල්දාදුවන්ට කඳවුරු තුළ ආයුධ පිරිසිඳු කිරීම වැනි දේ කිරීමට කැරලිකරුවන් විසින් උගන්නා ඇති අතර, මේ කඳවුරු තුල අවු. 4ක් වයසැති කුඩා ළමුන් ද සිටින බවට කවුන්සිලයට වාර්ථා වී ඇත.

නැවතත් ළමා කඳවුරු වලට සහ ආගමික ස්ථාන වලට ළමා සොල්දාදුවන් බඳවා ගන්නේ නම් යේමනය සඳහා සම්බාධක පනවන බව එක්සත් ජාතීන්ගේ ආරක්ශක කවුන්සිලය පවසා ඇත.

-හේෂානි කරුණාරත්න-

Social Sharing
නවතම විදෙස්