කබ්‍රාල් සහ ආටිගල, අද කැබිනට් හමුවට කැඳවුවත් විසඳුම් නෑ!

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා අද (27) පැවැත්වෙන කැබිනට් රැස්වීමට කැඳවා තිබුණත් ඔවුන්ට මෙම ආර්ථික අර්බූදයෙන් රට ගළවා ගැනීම සඳහා කිසිඳු වැඩපිළිවෙළක් නැතිබව මුදල් අමාත්‍යාංශයේ ජේෂ්ඨයෙක් ‘අයිතිය වෙබ් අඩවිය’ වෙත ප්‍රකාශ කළේය.

විලාසිතාවට වාගේ ඉහත දෙදෙනා කැඳවා කළ හැක්කේ කුමක්දැයි විමසූවත් ඔවුන්ටද මේ උගුලෙන් රට ගළවා ගැනීමේ යෝජනා හෝ විසඳුම් නැති බව පෙනෙන්නේ යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

රටේ පවතින ආර්ථික අර්බූදය හමුවේ ඉදිරියේදී ණය ගෙවාගන්නේ කෙසේදැයි ඔවුන්ගෙන් විමසීමට කැබිනට් මණ්ඩලය සූදානමින් සිටින්නේ යැයි දැනගන්නට ඇතැයි කියා සිටින ඒ මහතා ඒවා නිකං මාධ්‍ය සංදර්ශන පමණක් බව ප්‍රකාශ කරයි.

Social Sharing

නවතම