තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කරන්නැයි ඉල්ලා අගරදගුරු පදවි පාස්කු කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (02) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණුකර ඇත.
පොලිස්පතිවරයා – නීතිපතිවරයා – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ඇතුලු 07 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම්කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොණුකර තිබේ.
පසුගියදා පැවති ජාත්‍යන්තර සාකච්ඡාවකදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ද විමර්ශන පිළිබදව ගරු සිරිල් ගාමිණී පියතුමන් කළ ප්‍රකාශයකට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කර තිබුණි.
එම පැමිණීල්ලට අදාලව ප්‍රකාශයක් ගැනීමට මීට පෙර පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි. හෙට දිනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස යළි දැනුම් දී ඇති බවත් ප්‍රකාශයක් ගැනීමෙන් පසුව තමන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් සදහන් කරමිනුයි ගරු සිරිල් ගාමිණී පියතුමන් ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණුකර ඇත.