හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ජිවිත කොවිඩ් අවදානමක!

නිවෙස් තුළ මිය යනකොවිඩ් ආසාධිත පුද්ගලයින්ගේ මරණ පරික්ෂණ සිදුකරන  හදිසි මරණ පරික්ෂකවරුන් කොවිඩ් රෝගයට ගොදුරුවිමේ දැඩි අවදානම් තත්වයකට මුහුණ දි ඇතැයි”, ශ්‍රි ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මොහොමඩ් ෆර්හාන් මහතා පවසයි.

නිවෙස් තුළ   මිය යන කොවිඩ් ආසාධිතයින් නිරික්ෂණයකර, මරණ පරික්ෂණ පැවැත්වීමට සිදුව ඇත්තේ හදිසි මරණ පරික්ෂකවරුන්ටය.

නමුත් මේ කිසිදු හදිසි මරණ පරික්ෂක වරයෙකුට  තම ජිවිත ආරක්ෂාව සලසා ගැනිමට කිසිදු සෞඛ්‍ය උපකාරයක් කිසිදු ආයතනයකින් නොලැබෙන බව හදිසි මරණ පරික්ෂකවරුන් කියති.

කොවිඩ් ආසාධිතයෙකුහෝ ආසාධිත මළ සිරුරක් වෙත ළංවිමේදි  පුර්ණ ආරක්ෂිත ඇදුමකින් සිටිය යුතු  නමුත් එවැනි ඇඳුම් හදිසි මරණ පරික්ෂකවරුන්හට නැති බව හදිසි මරණ පරික්ෂකවරුන් කියති.

නිවාස තුළ සිදුවන කොවිඩ් ආසාධිත  මරණ සියල්ල පළමුව නිරික්ෂණය කළ යුතු වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ වෙනත් ආයතනයකින් මුව ආවරණයක්, අත් වැසුමක්, සෞඛ්‍ය ආරක්ෂිත ඇදුමක් තබා විෂබීජහරණ දියරයක් හෝ නොලැබෙන බව හදිසි මරණ පරික්ෂකවරුන් කියති.මේ තත්වය තුළ ඩෙල්ටා ප්‍රභේදයෙන් තමන්ගේ ජිවිත ආරක්ෂාකර ගැනිම ඉතා අසිරු යැයි ඔවුන්  පෙන්වා දෙයි.

රට පුරා අදාල බල ප්‍රදේශ අනුව  හදිසි මරණ පරික්ෂකවරුන්  650 ක් හෝ 700 දෙනෙකු සිටිය යුතු වුවත් දැනට රටේ සියළු ප්‍රදේශ ආවරණය කිරිමට  සිටින්නේ හදිසි මරණ පරික්ෂකවරුන්  350 දෙනෙකු වැනි ඉතා සිමිත පිරිසකි. මෙි නිසා එක් මරණ පරික්ෂකවරයෙකුට  කොට්ඨස දෙක තුනක් ආවරණය කිරිමට සිදුව තිබේ. පැය විසිහතර පුරා රාජකාරි කිරිමට  සිදුව ඇති අතර කිලෝමිටර් හත් අටසියයක දුරක් ගියද  තවමත් හදිසි මරණ පරික්ෂක වරයෙකුට ගෙවනුයේ කිලෝමිටරයකට රුපියල් හයක (06) ප්‍රවාහන දිමනාවකි. මෙවැනි මුදලකට යා හැකි වන්නේ පා පැදියකින් පමණි. මරණය සිදුවු ස්ථානයට පොලිසිය සමග පළමුව ගොස් නිරික්ෂණ සිදුකර සියලු සාක්කි සටහන් ලබාගන අධිකරණයට වාර්තා කිරිම දක්වා වු දිර්ඝ ක්‍රියාවලියක් වෙනුවෙන් ලැබෙන්නේ ඉතා සුළු මුදලකි. එම මුදලින් සියළු සෞඛ්‍ය ආරක්ෂිත මෙවලම් ලබාගැනිමට සිදුව තිබේ.

ගෞරවණිය සේවාවක් ලෙස ලබාදි ඇති හදිසි මරණ පරික්ෂක තනතුරේ කටයුතු කරන පුද්ගලයින් විශ්‍රාමික හෝ අවුරුදු 50 හෝ ඊටත් වඩා වියපත් පුද්ගලයින් නිසා කොරෝනාවෙන් ආරක්ෂා විමට මොවුන්ට ආරක්ෂිත ඇදුම් හා මෙවලම් ලබා දිය යුතු යැයි සෞඛ්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ  පිරිස්ද කියති.

මේ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මොහොමඩ් ෆර්හාන් මහතා මෙසේ පවසා සිටියේය.

මේක ගෞරවණිය සේවාවක්. නමුත් වර්තමානයේ කොවිඩ් වසංගතය සමග ඉතාම අවදානම් තත්වයකට මුහුණදි තියෙනවා.අපට මුලදිම  එක ඇදුමක් ලැබුණා. නමුත් ඒක කිසිසේත් ප්‍රමාණවත් නෑ .ඉතාම අවදානම් තැනදි පළමුව යන්නෙ පොලිසිය සහ අපයි. අධිකරණ අමාත්‍යාංශයෙන් අප මේ පිළිබද ඉල්ලිම් කර තිබෙනවා. නමුත් තවම ඒ සදහා සහනයක් ලැබිල නැහැ. වි‍ශේෂයෙන් ගම්බද ප්‍රදේශවල විශාල දුරක් යායුතුයි. මොනරාගල හදිසිමරණ පරික්ෂකවරයෙකුට කිලෝමිටර් 90 ක වපසරයක් ආවරණය කරන්න වෙලා තියෙනවා.  එක් අයෙකුට කොට්ඨාස දෙක තුනක් ආවරණය කරන්න වෙලා තියෙනවා.කළුතර දිස්ත්‍රික්කය වගේ පැතිවල එක අයෙකු දිනකට මරණ හත  අටක පරික්ෂණ වලට යන්න වෙලා  තියෙනවා. මේ පිරිසගේ සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ වැටි තියෙනවා. මරණයක් වෙනුවෙන් ලැබෙන සුළු දිමනාවෙන් හා සංයුක්ත දිමනාවෙන් මේ ගෞරවණිය සේවය කරන්න වෙලා තියෙනවා. එහෙම කරද්දි වර්තමාන තත්වය සමග හදිසි මරණ පරික්ෂකවරුන්ගේ ජිවිත අනාරක්ෂිත තත්වයකට පත් වෙනවා  කියල පිළිගන්න වෙනව

එස්. පොද්දෙණිය

Social Sharing
නවතම