රැල්ලට හදපු කොවිඩ් මධ්‍යස්ථාන යළි ගලවයි!

කොවිඩ් ආසාදිතයින් සඳහා පහුගිය කාලයේ ඇඳන් රැල්ලක් නිර් මාණය විය. එමෙන්ම එහිදී දිස්ත්‍රික්ක වල තරඟයට කොවිඩ් අතරමැදි තාවකාලික මධ්‍යස්ථාන බිහි වුයේ දින කිහිපයක ඉදිරි කිරිම් ලෙසිනි. මේවා ඇතැම් දේශපාලඥයින් විවෘත කලේද මහා උත්සව පවත්වමිනි.

නමුත් මේ වන විට කොවිඩ් ඇඳන් රැල්ල පහව ගොස් ඇත. එමෙන්ම මේ  සැකසු මධ්‍යස්ථාන වලින් අද කීයෙන් කීයක් භාවිතා කිරිමට ගන්නේද යන්න සොයා බැලිය යුතුය.

හමුදාව විසින් සැකසු සීදුව බ්‍රැන්ඩික්ස් ඇඟලුම්හලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තවමත් ඇඳන් 600 ක් හිස්ය. නමුත් අද වන විට දිවයිනේ ප්‍රදේශ රැසක ප්‍රධාන රෝහල් වල කොවිඩ් රෝගීන් ධාරිතාව ඉක්මවා යමින් සිටියි. එමෙන්ම බස්නාහිර පළාතේ කොවිඩ් රෝගීන් තවමත් යොමු කෙරෙන්නේ පොලොන්නරුව, යාපනය වැනි ප්‍රදේශ වලටය.

මේ අතර අසන්නට ලැබුණේ පහුගිය මැයි 12 දා කොවිඩ් ආසාදිතයින්  සදහා ප්‍රථිකාර ලබාදෙන  අගලවත්ත, පිඹුර රෝහලේ ස්ථාපිත කර තිබු තාවකාලික කොවිඩ් වාට්ටුව පසුගිය ( 06) දා ගලවා ඉවත්කරගන ගොස් ඇති බවය.

මෙම තාවකාලික  වාට්ටුව  එය ඉදිකල පිරිස විසින්ම එය ගලවාගන ගොස් ඇති බව එහිදි වැඩිදුරටත් පැවසුණි.

මේ සම්බන්ධව  අප අගලවත්ත ප්‍රාදේශිය සභාවෙි සභාපති ජයසේන කඹුරාවල මහතාගෙන් විමසා සිටියෙමු. ඔහු පැවසුයේ මෙවැන්නකි.

පිඹුර රෝහලේ ස්ථාපිත කර තිබු  කාවකාලික කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානය ඉවත්කරග නගොස් ඇති බව මටත් ආරංචි වුණා. රෝහලෙන් මමත් විමසිමක් කළා. මට තවම ඒ ගැන හරි තොරතුරක් ලැබුනෙ නෑ. කොහොම උනත් රෝහල් භුමියේ මාස තුනක් පමණ කාලයක් තිබුණ මෙම ඒකයෙන් ප්‍රයෝජන ගත්තෙ නෑ කියල සේවකයින් කිව්වා. මොකද ඒක ඇතුලෙ රස්නය වැඩියි , මේ ආදි ගැටළු නිසා. රෝහලට පහසුකම් අවශ්‍යයි. නමුත් ප්‍රයෝජනයකට ගන්න බැරිව තියෙන මේ ඒකකය ගලවා  රැගෙන යාම හැර වෙන කරන්න දෙයක් නැහැ.

මෙම තාවකාලික මධ්‍යස්ථානය ඉදි කර තිබුණේ පොදුජන පෙරමුනේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සංජිව එදිරිමාන්න මහතාගේ උපදෙස් මතය. මෙම මධ්‍යස්ථානය යළි ගලවා ඉවත් කිරිම ගැන ඔහු මෙසේ පැවසුවේය.

දින දහයක්  තුළ ඇදන්  10000 ක් නිර් මාණය  කිරිමේ  වැඩපිළිවල යටතේ කළුතර  රෝගින් වැඩි වෙන්නත් කළින් අවශ්‍ය වුනොත් ප්‍රයෝජනයට ගන්න කළුතර දිස්ත්‍රික්කයේ භුමියේ ඉඩ තියෙන ස්ථාන වල  මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. පිඹුර, පානදුර සහ කළුතර මෙවැනි අතිරේක වාට්ටු නිරිමාණය කළා.

මේ ‍තාවකාලික ගොඩනැගිල්ල ඉදි කළත් එකම රෝහලකවත් ඒ වාට්ටුව පාවිච්චි කරන්නට අවශ්‍යතාවයක් ඇතිවුනේ නැහැ. මාස හතරකට ආසන්න කාලයක් මේක ප්‍රයෝජනයට ගත්තෙනෑ. රෝහල් පැත්තෙන් මේකට දුෂ්කරතා තිබෙන්නට ඇති.මොකද මේ වෝඩ් එක හැදුවත් වැසිකිළි කැසිකිළි, රෝහල් කාර්ය මණ්ඩල වගේ ගැටළුත් තියෙන්න ඇති.නමුත් මේ ඒකක ස්ථාපිත කලේත් රෝහල් බලධාරින් සමග සාකච්ඡා කරලයි.

මේ සදහා රජයේ මදල් සතයක්වත් වැය කලේ නැහැ.පොදුජනපෙරමුණු පක්ෂ අරමුදලින්  එම “හට්” එවල තිබුණා. අනෙත් ඇදන් අපේ තරුණ ප්‍රජ‍ා දායකත්වයෙන්  නිරිමාණය කලා. දිස්ත්‍රික්කයේ  ඕනෑම රෝහලක  හදිසි තාවකාලික  ඇදන් පහසුකම් අවශ්‍යවහොත් අපි මෙ වාට්ටු සංකීර්ණ ස්තාපිත කරදිමට සුදානමින් ඉන්නවා. අවශ්‍යතාවය තියෙන ඕනම රෝහලකට පැය විසිහතරක් ඇතුලත මේ පහසුකම ලබාදෙනවා.

 

ශානි / එස්. පොද්දෙණිය

 

 

Social Sharing
නවතම