ජපුර කථිකාචාරයවරයෙකු මිරිහාන පොලිසියෙන් බලහත්කාරයෙන් රැගෙන යාමට ගත් උත්සහය වරදියි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කථිකාචාර්ය අමින්ද ලක්මාල් මහතා ගමන් කරමින් සිටි බස් රථයට නැගුණු සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් ඔහුව බලහත්කාරයෙන් ගෙන යාමට ගත් උත්සාහයක් ව්‍යයර්ථ වී තිබේ.

අමින්ද ලක්මාල් මහතා ඇතුලු ජපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරු සහ ශිෂ්‍ය පිරිසක් විශ්ව විද්‍යාල අචාර්‍ය සංගමය (FUTA) ප්‍රමුඛත්වයෙන් ආරම්භ කල අධ්‍යාපනය මිලිටරීකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය සිදුකල උද්ඝෝෂණය අවසන් වී නැවත විශ්ව විද්‍යාලය බලා අප සූදානම් කල බස් රියෙන් එමින් සිටියදි ගං සභා හංදිය සහ දෙල්කද අතරදී සිවිල් ඇදුමින් සැරසුනු පිරිසක් (තුන් දෙනෙක්) බස් රථය නවතා ඊට ගොඩ වී ඇත.

පසුව අමින්ද ලක්මාල් මහතා ළඟට පැමිණ කිසිත් නොකියා ඔහුගේ අතින් අල්ලාගෙන ඇදගෙන යාමට උත්සහ කිරීමේදි බස් රථයේ සිටි සෙසු පිරිස (ශිෂ්‍යයින්) “එහෙම කොහොමද අපේ සර් ව ගෙනියන්නේ” යැයි විමසමින් විරෝධය පා ඇත.

තමන් රාජකාරියක් සිදුකරන බවද ඊට බාධා කළහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවන බවද එම පැමිණි  පුද්ගලයින්  විසින් බස් රථයේ සිටි පිරිසට තර්ජනය කර ඇත.

මෙම බහින් බස් වීම අතරතුර බස් රියේ සිටි මහාචාර්ය ජනක් කුමාරසිංහ ත් මහාචාර්ය සමන් යාපා මහතාත් එයට මැදිහත් වී රැගෙන යාමට හේතුවත්, පැමිණියේ කවුද යන්නත් කාරුණිකව විමසා සිටියේය.

එලෙස පැමිණ සිටියේ මිරිහාන පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාය.  ඔහුට සිය හැදුනුම්පත පෙන්නන්නට සිදුවිය. ඔවුන් පැමිණ තිබුණේ මංචු කුට්ටම්ද සමඟිනි.

අමින්ද ලක්මාල් මහතාව ගෙන යාම ව්‍යර්ථවීමෙන් පසුව ඔවුන් පිටව යාමට ගත් උත්සාහයේදී බස් රථයේ සිටි පිරිස ඔවුන්ව නවතා පැමිණි කාරනය ප්‍රශ්න කළ විට, තමන් පුද්ගලයකු හඳුනාගෙන රැගෙන යාමට පැමිණි බවද ඔහු බස් රථයේ නොමැති බවද පවසා ඇත.

අමින්ද ලක්මාල් මහතා පසුව මේ සම්බන්ධයෙන් ඔහු සිය මුහුණු පොතේ සිටහනක් තබා ඇත්තේය. ඒ් මේ රටේ නීතිය සහ ප්‍රජාත්‍රන්තවාදයට සිදු කරන බරපතල තර්ජනය සම්බන්ධයෙනි.

පහත ඇත්තේ එම උපුටා ගැනීමය.

මට තියෙන ගැටලු

  1. එහෙම පොලිසියට සිවිල් ඇදුමින් පැමිණ කිසිත් නොකියා ඕනෑම පුද්ගලයෙක් අත් අඩංගුවට ගත හැකිද?
  2. ඔවුන් පසුව පැවසුවේ ඔවුන් පුද්ගලයෙක් සොයා පැමිණි බවයි. ඔවුන් පැවසුවේ ඒ වසන්ත මුදලිගේ බවය. වසන්ත මුදලිගේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපතිය. දෙයියනේ මෙච්චර මාධ්‍ය වල ප්‍රසිද්ධ වසන්ත ව ඔවුන්ට හදුනා ගත නොහැකිද?
  3. එසේ කවුරු අත් අඩංගුවට ගැනීමට පැමිණියත් ඔහුට හෝ ඇයට විරුද්ධ ව වරෙන්තුවක් තිබිය යුතු නොවේද?? (සිවිල් නීතිය යටතේ)
  4. ෆොටෝ එකක් මාර්ගයෙන් කවුරු හෝ අත් අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය නොවේද?? (ඔවුන් පැවසුවේ ඔවුනට අවශ්‍ය පුද්ගලයෙක් බස් රථයේ සිටින බවට තොරතුරු ලැබුණු බවයි)
  5. මා “කථිකාචාර්යවරයක්” නිසා කථිකාචාර්ය ධුරයට ගොඩනැගී තිබෙන්නා වූ යම් සාමාජීය බලයක් නිසා සහනයක් ලැබුණු බව මා හොඳටම දනිමි. නමුත් අතිශයින්ම සාමාන්‍ය පුරවැසියෙකුට මෙය සිදු වූවා නම් ඔහුට අත්වන්නේ මේ ඉරණමද?? ( මට මම පොරක් යැයි කීමට අවශ්‍ය නැත)
  6. මට මෙය හුදෙක් ආතල් සිදුවීමක් ලෙස වැටහුනද ( මම වීඩියෝ එකෙත් කියනවා ගොනා සේ), මෙය රටේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු කරන බරපතල තර්ජනයක් නොවේද?

පුරවැසියනි,

ආණ්ඩුව මර්දනය දියත් කරමින් පවතී. අද මා වෙත පැමිණි විට මා හට උදව් කරන්නන්, දිරිමත් කරන්නන් යම් කිසි ප්‍රමාණයක් සිටියෙමි.හෙට එය ඔබ වෙත පැමිණිය හැක. නමුත් එසේ පැමිණෙන විට ඔබ වෙනුවෙන් ඉදිරිපත් වන්නට කවුරුවත් නැති වෙන්නට පුලුවන. ඔබව අත් අඩංගුවට ගන්නේ කුමන හේතුවකටද කියාවත් ඔබ නොදැන ඔබ හිරගත වන්නට පුලුවන. මිය යාමට පුලුවන. එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ලක්ෂණයක් නොවන බව ලියා තබමි.

 

අදාල වීඩියෝව

https://www.facebook.com/aminda.lakmal/videos/348263283409806

Social Sharing
නවතම