සෞඛ්‍ය අමාත්‍යාංශ්‍යය කියු ඇස්ට්‍රසෙනිකා එන්නත්කරණ ස්ථාන වල එන්නත නැහැ!

ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අද (01) උදෑසන 07.00 සිට බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කලුතර යන දිස්ත්‍රික්ක වල ස්ථාන රැසකදී ජනතාවට ලබා දෙන බව ඊයේ (31) රාත්‍රියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේය.

ඒ් අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 18 ක හා රෝහල් 13 කද , කලුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 05 ක හා රෝහල් 05 කද, ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 15 ක හා රෝහල් 15 කද එන්නත්කරණ්‍ය කටයුතු සිදු කරන බව පවසන ලදි.

එමෙන්ම ත්‍රිවිධ හමුදාව විසින් මීට අමතරව ස්ථාන 11 කදී එන්නත්කරණ කටයුතු කරන බව ප්‍රකාශ විය.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා එසේ පැවසුවත් කොවිඩ් මර්දන බලකායේ මෙහෙයුම් ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ අද (01) එන්නත් ලබා දෙන්නේ විහාර මහා දේවි උද්‍යානයේ ඇතුලු ස්ථාන කිහිපයකදී පමණක් බවය.

කෙසේ නමුදු රජය ප්‍රකාශ්‍යට පත් කරන ලද ස්ථාන වලට මාස ගණනාවක් පුරා ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව නොමැතිව බලා සිටි ලක්ෂ හයක පමණ ජනතාවක් ඇඳී එන්නට විය.

නමුත් ඔවුන්ට අද සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසු ස්ථාන වලදී එන්නත ලබා ගැනීමට හැකි වුයේ නැත. නමුත් යුද හමුදාපතිවරයා පැවසු ස්ථාන වලදි නම් එන්නත ලබා දීම සිදු කෙරුණි.

ලියුම්කරුද අද දින ගම්පහ රෝහලට වෙත ගියේ මේ ඇස්ට්‍රසෙනිකා දෙවැනි මාත්‍රාව ලබා ගැනීමටය. නමුත් ඉන් කියවුනේ සයිනෆාම් පමණක් ලබා දෙන බවය. රජය කියු පරිදි ඇස්ට්‍රසෙනිකා තවමත් පැමිණ නැති බව ප්‍රකාශ විය. ඉන් පසු ලියුම්කරු ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ගොස් මේ පිලිබඳ විමසා සිටි අතර එහිදිද ප්‍රකාශ කෙරුණේ බෙහෙත් පැමිණ නැති බවය.

අද දින විශාල පිරිසක් ගම්පහ රෝහල හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත පැමිණ සිටියේ මාස ගණණක් නොමැතිව තිබු සිය එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමටය. නමුත් ඔවුන්ට එන්නත නොමැතිව ආපසු යාමට සිදු විය.

මේ පිලිබඳ අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්තිය සමිති කිහිපයකින්ම විමසා සිටි අතර ඔවුන් ප්‍රකාශ කර සිටියේ දැන් එන්නත් කටයුතු හමුදාව මඟින් සිදු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය කියන පණිවිඩ වලට වඩා යුද හමුදාපතිවරයාගේ ප්‍රකාශ විශ්වාස කරන ලෙසත්ය.

කෙසේ නමුදු මෙම තත්ත්වය ප්‍රදේශ රැසකම දැක ගැනීමට හැකි වු අතර සෞඛ්‍ය අමාත්‍යාංශයට අද වන විට අදාල එන්නත්කරණ ස්ථාන වලට බෙහෙත් යැවීමේ යාන්ත්‍රණයක් නොමැති නම් ඔවුන්ට එය සැලසුම් කර නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කිරිමට තිබුණි. නමුත් ඔවුන් එසේ වගකීමකින් තොරව කටයුතු කර තිබුණේ නැත.

පැවසීමට ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය ෆේල් බවය.

ශානි

Social Sharing
නවතම