ජවිපෙ ඓතිහාසික භූමිකාව ඉතිහාසයට එක්වී හමාරද?

රාජ්‍ය සේවයේ මකරුන්ට අත තැබීමට ජනපතිට හැකි වෙයිද?

දේශපාලන පක්ෂ යනු රාජ්‍යය සහ ජනතාව අතර සිටිමින් එම අන්ත දෙක අතර පැවතීය හැකි සබඳතාවේ ස්වරුපය පරිවර්තනය කරන ආයතනයි. විශේෂයෙන්ම වාමාංශික පක්ෂවල භූමිකාව වන්නේ ජනතාව තුළ පවත්නා රාජ්‍යයේ ස්වරූපය පිළිබඳව ගැඹුරු විවේචණාත්මක සවිඥානයක් වර්ධනය කිරීමයි. නමුත් 1990 ට පසු මෙරට නව වම සිදුකොට ඇත්තේ ජනතාව සහ රාජ්‍යය අතර ‘විශාල ආගමික භක්තියක්’ ප්‍රවර්ධනය කිරීම බව මගේ උපකල්පනයයි.  විශේෂයෙන් ම වමේ අසාර්ථකත්වය වන්නේ එයයි.

ජනතාව තුළ රාජ්‍යයේ බලය, ප්‍රචණ්ඩත්වය, පංතිමය ස්වභාවය ආදිය පිළිබඳ විවේචනීය දැනුමක් ගොඩනගනවා වෙනුවට ජවිපෙ වැනි ජාතිකවාදී – වාමාංශික පක්ෂ සිදුකොට ඇත්තේ ජනතාවගේ ගතානුගතිකත්වයට අභියෝග නොකොට එම තත්වයන් අනුමත කරමින් ජනතාවට ද වඩා පසුගාමී වීමයි. යුද්ධයට ආවැඩීම, පාර්ලිමේන්තුවට කොටුවීම, මැතිවරණ වලට දේශපාලනය සීමා කිරීම, සුභසාදනය සහ වෘත්තීය සමිති චින්තනයෙන් යැපීම, සංවර්ධනය පිළිබඳව රාජපක්ෂලාටත් වඩා කණගාටුවීම, ජනමාධ්‍ය ආයතනවලට බයවීම, නීතිය, පොලීසිය, හමුදාව, සහ ආගම තහනම් වචන සේ දැකීම, සහ කොටින්ම සමස්ථ රාජ්‍යය දෘෂ්ටිවාදී උපකරණ විවේචනය වෙනුවට ඒවායේ සරණ යාම නිසා ජවිපෙ කිසිදාක අලුත් ජනතාවක් සඳහා අවශ්‍යය ප්‍රයුක්තයක් නිර්මාණය කර නොමැත.

එමනිසා ජවිපෙට වඩා රැඩිකල් අදහස් වික්‍රමසිංහ ට ද තිබේ. ජවිපෙ සංශෝධනය වනවා නම් එය මේ තත්වයන් පිළිබඳ ගැඹුරු කතිකාවකට ආයුතුයි. තමන්ගේ කථිකයන් මීඩියා සංවාද බලුපොරයට යවමින් ඉදිරි කාලයත් කා දැමීමට ජවිපෙ ක්‍රියා කරනවද නැද්ද කියා තීරණය කළයුතුය. මීඩියා පාරිභෝගික සමාජයක ජවිපෙ නායකත්වය යනු තවත් එක පක්ෂයක් නොවිය යුතුය.

ජවිපෙ ද ඇතුළු වාමාංශික පක්ෂ යනු දේවාල වලට වඩා නොවැඩි යමකි. ඒවායේ දෙවියෙක් නොමැත. එසේම එම දේවාල වලින් තමන්ගේ ගැටළුවලට සහන නොලැබෙන බව බහුතර ජනයා දනී. සහන නැති දේවාල තවදුරටත් පලක් නැත. අවශ්‍ය වන්නේ රාජ්‍යය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් සහිත, ජනතාව සහ පවතින ආයතන අතර පවතින සබඳතාව ගැඹුරින් වෙනස් කළ හැකි පක්ෂය.

-ආචාර්ය අතුලසිරි සමරකෝන්-

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment