කොරෝනා වෛරසයට දින 28ක කාලයක් පැවතිය හැකියි

කෝවිඩ් 19 හෙවත් නව කොරොනා වෛරසයට දින 28 ආසන්න කාලයක් මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මල නොබැඳෙන වානේ (ස්ටේන්ලස් ස්ටීල්) පෘෂ්ඨ මත නොනවැසි පැවතිය හැකි බව ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ පර්යේෂකයින් විසින් සිදුකළ නවතම පර්යේෂණයකින් සොයා ගෙන තිබේ.

එමෙන්ම වීදුරු සහ මල නොබැදෙන වානේ වැනි සුමට මතුපිට සමග සැසදීමේදී කපු වැනි පෘෂ්ඨයන් මත කොරෝනා වෛරසය නොනවැසි පවතින බවට අධ්‍යයනයකදී අනාවරණය වී ඇත.

වාතයේ අංශුවල ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසයට පැය 03 ක කාලයක් නොනවැසි පැවතිය හැකි බවට මෑතකදී සිදුකළ අධ්‍යනයකින් හෙළිවී ඇත.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරන වෛද්‍ය ඩේබි ඊගල්ස් සඳහන් කළේ වෛරසයේ හැසිරීම අනුව එයින් ආරක්ෂා විමට සෑම විටම දෑත් පිරිසිදු කොට තබා ගැනීම වැදගත් බවයි. වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මුදල් වෙනුවට විද්‍යුත් ක්‍රම හරහා ගෙවීම් ක්‍රම උපයෝගී කර ගැනීම වැදගත් වනවා” යැයි වෛද්‍ය ඩේබි ඊගල්ස් වැඩිදුරටත් සඳහන් කළේ.

තොරතුරු අන්තර් ජාලයෙන්…

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment