ආණ්ඩුවේ කොළඹට කිරි ගමට කැකිරි න්‍යාය නිසා ජිවිත රැසක් අහිමි වේ.

kinniya

අද (23) උදෑසනම අසන්නට ලැබුණේ හදවත කම්පා කරවන සිද්ධියකි. ඒ් ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලම අසල පුද්ගලයින් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් තිබූ පාලම් පාරුවක් අද  උදෑසන 07.30 පමණ අනතුරට පත්වීමය. මේ ලාරුව පෙරලි යාමෙන් එහි ගමන් කළ පාසල් සිසුන් ඇතුලු ගම්වැසියන් 05 කු මේ වන විට මිය ගොස් ඇති අතර තවත් 07 කු අතුරුදහන් වී ඇත. එමෙන්ම 10 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. මේ වන විටත් ආපදාවට පත් පුද්ගලයින් සොයා නාවික හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇත. ඒ අනුව, මෙම විශේෂ ආපදා සහන මෙහෙයුම සඳහා නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා…

Read More