තෙල්, ජලය, විදුලිය, වරාය අද උද්ඝෝෂණයේ

ranjan

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු සියයට 40%ක කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමට එළඹ ඇති ගිවිසුම අහෝසි කරන ලෙස බල කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සංවිධාන කරන විරෝධතාවට සහය දක්වමින් අද (03)  වරාය, ජල සම්පාදන සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති ද විරෝධතාවල නිරත වේ. එමෙන්ම අද (03)  විදුලි සේවක විරෝධතාවයට සහය දක්වමින් ලංකා ඛණිජ තෙල් සංස්ථා සේවකයන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටදී සහ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිටදී අද දහවල් විරෝධතාවයේ නිරත වේ. විදුලි සේවක විරෝධතාවයට සහය දක්වමින් ලංකා ඛණිජ තෙල් සංස්ථා සේවකයන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටදී සහ කොලොන්නාව…

Read More

ගුරු වෘත්තීය සමිති නායකයෙකුට මරණ තර්ජන!

ponnathurei

මහජන ආරක්ෂාව බාර ඇමැති  සරත් වීරසේකර මහතා  විසින් ගුරු වර්ජනය ත්‍රස්තවාදී ක්‍රියාවකට සමාන කිරීමෙන් අනතුරුව ගුරු  වෘත්තීය සමිති නියමුවෙකුට මරණීය තර්ජන එල්ල වී තිබේ. මෙසේ මරණ තර්ජන එල්ල වී ඇත්තේ ලංකා ගුරු සංගමයේ නැගෙනහිර පළාත් සම්බන්ධිකාරක හා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පොන්නතුරෛ විජයරූපන් මහතාටය. සමාජ මාධ්‍ය මගින් තමන්ට එල්ල කර ඇති  මරණ තර්ජන ගැන  ඔහු මඩකලපුව පොලිසියට පැමිණිලි කර ඇත. “ඉන්දීය සාම සාධක හමුදාව මඩකලපුව දිස්ත්‍රිකයේ  හමුදා මෙහෙයුම් කළ 1989 වකවානුවේ දී මරා දැමුණු වෘත්තීය සමිති නායකයකු  වූ වන්නියසිංහම් ගැන මතක් කරලා `ෆේස් බුක් ෆ්‍රෙන්ඩ්ස්` කියලා එකකින් තමයි මේ තර්ජන එන්නේ“…

Read More

වෘත්තිය සමිතියක් පිහිටුවීම නිසා සේවකයින් එළියට

atg

වතුපිටිවල ඒටීජී ග්ලවුස් නිටිං ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වෘත්තීය සමිතියක් පිහිටුවීම නිසා අසාධාරණ ලෙස සේවයෙන් පහ කළ සේවකයින් 16 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීම සඳහා හදිසි පියවර ගන්නා ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් වෘත්තීය සමිති 22ක් ඉල්ලීමක් කර ඇත. එක්සත් කම්කරු සම්මේලනයට අනුබද්ධ වෘත්තීය සමිතියක් වන වාණිජ හා කාර්මික සේවක සංගමය විසින් 2021 අගෝස්තු 20 වැනි  දින වතුපිටිවල ඒටීජී ග්ලවුස් නිටිං ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ  වෘත්තීය සමිති ශාඛාවක් පිහිටවා  තිබුනි. වාණිජ හා කාර්මික සේවක සංගමය, මෙම ශාඛා සංගමය පිහිටුවීම පිළිබඳව සමාගමට දැනුම් දුන් විගස සමාගම විසින්…

Read More