වසන්ත කරන්නාගොඩ ගැන නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණය අභියෝගයට?

wasantha

කොළඹ හා ඒ අවට පදිංචි තරුණයන් ඇතුළු 11 දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉහලම නාවික හමුදා නිලධාරියාට එරෙහිව නඩුවක් පවත්වාගෙන නොයාමට නීතිපති දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය අභියෝගයට ලක්ව තිබේ. නීතිපති විසින් දැනටමත් අධිචෝදනා ගොනු කර ඇති හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ තවමත් චුදිතයෙක් බව නීතිඥ සංවිධානයක් අවධාරණය කරයි. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පැවරීමට නීතිපති ගත් තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වසන්ත කරන්නාගොඩ ගොනු කළ පෙත්සමක් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල  අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල…

Read More

අනුරාධපුර බන්ධනාගාර දෙමළ සිරකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

anuradahapura prison

රාජ්‍ය ඇමැතිවරයකුගේ මරණීය තර්ජනයට ලක් වූ දෙමළ  දේශපාලන සිරකරුවන් තමන්ගේ ජීවිතාරක්ෂාව සඳහා අධිකරණයේ පිහිට පතා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන දෙමළ දේශපාලන සිරකරුවන් අට දෙනකු කියා සිටින්නේ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ  ඉකුත් සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට වැදී සිරකූඩුවලින් තමන් එළියට ගෙන දණ ගස්වා බැණ වැදී තර්ජනය කර හැසිරුණ ආකාරයෙන් තමන් දැඩි බියට පත්ව සිටින බැවින්, තමන් බන්ධනාගාරයෙන්ම හෝ ඇප පිට හෝ මුදා හැරීමට නියෝග කරන මෙන් හෝ එසේ නැතිනම් යාපනය බන්ධනාගාරයට මාරු කරන ලෙසටය. පෙත්සම විභාගයට ගනිමින් තමන්ගේ මූලික අයිතින් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරන ලෙස ද…

Read More

කොරෝනා වලට මුවා වී නීතිය අයුතු ලෙස යොදා ගැනීම පිලිබඳ ජාත්‍යන්තර අවධානය !

icj-final

සිය විරුද්ධවාදීන් නිහඬ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කොරෝනා වසංගතයට මුවා වී, නීතිය අයුතු ලෙස යොදාගන්නා බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (ICJ) පවසයි. අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ ප්‍රවෘත්ති හෝ අසත්‍ය තොරතුරු පළ කිරීම සම්බන්ධයෙන් සෘජුවම අදාල වන නීති දැනට ශ්‍රී ලංකාවේ නොමැති බව ඔවුන් පෙන්වා දෙයි. මේ තත්වය යටතේ, පොලිස් ආඥාපනතේ එන ‘හදිසි කලබලයක් ඇතිකරවීම’, පරිගණක අපරාධ පනතේ එන ‘මහජන ආරක්ෂාවට හානි සිදු කිරීම’ සහ දණ්ඩ නීති සංග්‍රහයේ එන ‘රාජ්‍ය කෙරෙහි අප්‍රසාදය අවුස්සන’ පුළුල් අර්ථ හා දුර්වල වචන සහිත ප්‍රතිපාදන, සිය විරුද්ධවාදීන් නිහඬ කිරීමට ශ්‍රී ලංකාව තුළ අවභාවිතා වන බව එම…

Read More

රිය අනතුරු සිවිල් නඩුවකදී වින්දිතයාට සහනයක්?

Relief for victims of road accidents in a civil case

සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන ගෙන ඒමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ දිනවල රිය අනතුරු ඉහළ යමින් පවතින අතර අධිකරණ වල ගොනු වන රිය අනතුරු පිලිබඳ නඩු සංඛයාවද ඉහළ යමින් ඇත. මෙහිදී එවැනි අනතුරක් සඳහා සහන ලබා ගැනීමට සිවිල් අධිකරණයක නඩු පැවරීමට සිදු වේ. එහිදී වින්දිතයා හෝ උරුමක්කරු විසින් නෛතික වෛද්‍ය වාර්තාව සහ අනෙකුත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතුව ඇත. ඒවා අනිවාර්යෙන් ඔප්පු කිරීමට යටත්ව වාර්තා වශයෙන් අධිකරණයේ සලකුණු කරනු ලබයි. එම වාර්තා වල අන්තර්ගත කරුණු ඔප්පු කිරිම සඳහා සාක්ෂි දීම පිණිස වෛද්‍ය නිලධාරියා අධිකරණය හමුවේ පෙනී සිටින…

Read More