ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන් යොදාගනිමින් සිදු කරන පළිගැනීම් නවත්වන්න!- සිවිල් සංවිධාන රැසක් හඬ නඟයි.

Freedom of expression and the plague in sri lanka

හදිසි අවස්ථාවකදී වසංගතය පිළිබඳ උපරිම තොරතුරු සහ අදහස්,  මුද්‍රණ, විද්‍යුත් හා වෙබ් මාධ්‍ය හරහා ලබාගැනීමට ජනතාවට හැකිවිය යුතු අතර වෛද්‍ය නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, විචාරකයන්, පරිසරවේදීන් ප්‍රමුඛ කණ්ඩායම් විසින් විකල්ප අදහස් හා තොරතුරු සමාජගත කිරීම, ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කිරීම, විවේචනය කිරීම සහ ඊට අභියෝග කිරීම පිළිගත යුතු බවත් ඊට ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන් යොදාගනිමින් ඔවුන්ගෙන් පළිගැනීම් නොකළ යුතු බවත් සිවිල් සංවිධාන 54 ක් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් 72 කු විසින් කියා සිටියි. ඔවුන් මේ බව කියා ඇත්තේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ වසංගතය සමඟ කටයුතු කිරීමේදී අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා…

Read More

මාධ්‍යවේදීන්ටත් පන්දාහ ඉල්ලයි!

journalists in crisis covid situation sri lanka

රට මුහුණ දී සිටින ආපදා තත්වය හමුවේ ප්‍රාදේශීය වෘත්තීමය මාධ්‍යවේදීන්ද දැඩි ආර්ථික අපහසුතාවයන්ට ලක්ව සිටින බව අගමැතිවරයාට දැනුම් දෙන මාධ්‍ය වෘත්තිය සම්මේලනයක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙතද අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් ගෙවන රුපියල් පන්දහස  ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ජුනි 10 බ්‍රහස්පතින්දා යොමු කළ ලිපියක් මගින් මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය දැනුම් දී ඇත්තේ කොරෝනා වසංගතය, ගංවතුර, නායයෑම් නිසා රටම බලවත් ව්‍යසනයකට පත්ව තිබෙන මේ මොහොතේ ප්‍රාදේශීය වෘත්තීමය මාධ්‍යවේදියාගේ දරුපවුල්, ඔවුන්ගේ ආහාර පුමුඛ මුලික අවශ්‍යතාවන් සපුරා ගන්නට නොහැකිව බලවත් පීඩනයකට මුහුණ දෙමින් සිටින බවයි. “ජනතාව  වෙත තොරතුරු ළඟා…

Read More

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු අයිතිවාසිකම්වලට අත නොතබනු – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

Do not touch the freedom of speech and expression Journalists for rights

පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු අයිතිවාසිකම්වලට අත නොතබන ලෙස අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය රජයට දන්වා සිටියි. එසේම පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් නිසි පරිදි තොරතුරු සන්නිවේදනයේ යෙදෙන හා අදහස් පළ කරන සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් හා මාධ්‍යවේදීන් දිරි ගැන්වෙන ලෙස කටයුතු කිරීමට වගකිව යුතු රජයක් ලෙස කටයුතු කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටියි. අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය මේ බව පවසා ඇත්තේ දිගින් දිගටම සිදුවන මාධ්‍ය මර්ධන ක්‍රියාවලිය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කරමිනි. එම සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් කේ. සංජීව, ජයනි අබේසේකර හා නීතිඥ දුලාන් දසනායක  විසින්…

Read More

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මාධ්‍යවේදීන්ගේ දැඩි අප්‍රසාදයට!

Dr.Hemantha Herath to the displeasure of journalists health promotion bureau

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් ‘තර්ඩ් ක්ලාස් වැඩ කළ’ මාධ්‍යවේදීන් යැයි කළ අපහාසය සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රජාවගෙන් සමාව ගන්නා ලෙස විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වෙත ලිපියක් යවමින් මාධ්‍ය සංවිධාන එකතුව විසින් කියා සිටියි. මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසඳය හා දෙමළ මාධ්‍ය සංසදය විසින් මෙම ලිපිය යවා ඇත. ඉකුත් ජූනි මස 03 වැනිදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ මූලික අදහස් දැක්වීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කෝපයෙන් යුතුව මේ ප්‍රකාශය කර ඇත්තේ,  එදින තේමාවට අදාළ නොවන ගැටලුවක් සම්බන්ධයෙන්…

Read More

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට නව ආකාරයක තර්ජනයක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළව තිබූ පෝස්ටුවක් බෙදා ගැනීම පිළිබඳ ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබියදී පවතින වසංගත තත්ත්වය හමුවේ කල් ඉල්ලා සිටි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ චමිල ඉන්දික ජයසිංහ අත්අඩංගුවට ගැනීම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල කළ නව ආකාරයක තර්ජනයක් බව  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනී මහත්මියගේ හා ලේකම් ලසන්ත ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි. එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. වින්දිත චමිල ජයසිංහ පවසන අන්දමට ඔහුගේ අත්අඩංගුවට ගැනීම අත්තනෝමතිකව හා බලහත්කාරීව සිදු වූ…

Read More

හතරවෙනි ආණ්ඩුව කියන ජනමාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත අකැපද?

Journalists in Sri Lanka Covid vaccine Ministry Of Health

මෙරට සියලු ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පහුගිය දිනෙක මහනුවරදී ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව මෙරට ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ නම් හා හැඳුනුම්පත් අංක දිස්ත්‍රික් මාධ්‍ය කාර්යාල විසින් කොළඹට ලැබීමට සලස්වා තිබුණි. ඒ සියලුම දෙනාට මෙම එන්නත කොළඹදී ලබා දීමට නියමිතව තිබූ හෙයිනි. නමුත් බොහෝ දිස්ත්‍රික්ක වල මාධ්‍යවේදීන් මේ අවස්ථාවේ කොළඹට ඒමට කැමති වුයේ නැත. ඔවුන් පෙන්වා දුන්නේ ඒ ඒ දිස්ත්‍රික්කයේ යම් ස්ථානයක මේ එන්නත ලබා දෙන ලෙසටය. නමුත් ඒ් ඉල්ලීමට ප්‍රතිචාර ලැබුනේ නැත. මේ අතර පහුගිය 14 දා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී…

Read More

අද ජනමාධ්‍යට සමාජයේ ඉඩක් නැහැ – සීතා රංජනී (කැඳවුම්කරු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය)

Media has no place in society today - Sita Ranjani (Convener Free Media Movement)

මොන පක්ෂයක ආණ්ඩුව ද පත් වෙන්නේ කියන එක තීරණය කරන තැනකට අද මාධ්‍ය පත්වෙලා තියෙනවා. මේකෙන් කියවෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට විශාල බලපෑමක් කරන්නට මාධ්‍යට හැකියාවක් තිබෙනවා කියන එක.  මේ තත්ත්වයේ කෙළවර මොන වගේ වෙන්න පුළුවන්ද? මට නම් පේන්නේ ජනමාධ්‍ය කියන එකට අද සමාජය තුළ ඉඩක් නැති වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මම ඇත්තටම දරුණු විදියට විවේචනය කරනවා නොවෙයි. අතලොස්සක් මාධ්‍ය තියෙන්න පුළුවන් ජනතාවගේ පැත්තෙන් ඉඳලා මේ ප්‍රශ්න දිහා බලන. ඒවා ඉතාම සීමිතයි, ඒවායේ හඬ සමාජයට නොඇසෙන තරම්. ඒත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කියූ විට විශේෂයෙන් රූපවාහිනි මාධ්‍ය හා පුවත්පත් සියල්ලම පාහේ බොහෝ…

Read More