අපි ශිෂ්ඨ සම්පන්න ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ජාතියක්! – මංජුල ගජනායක

Manjula Gajanayake Centre for Monitoring Election Violence

දේශපාලනය වැඩක් නැහැ කියා කෙනෙකු පවසනවා නම් එය නින්දාවක් බවත් අද දේශපාලනය නොමැතිව කරාමයකින් වතුර පොදක්වත් ලබා ගත නොහැකි බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ (CMEV) ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පවසයි. ඒ රටේ කාන්තාවට, ළමයින්ට සලකන්නේ නැතිනම් ඒ රට ශිෂ්ඨ සම්පන්න රටක් නොවේ යැයි ඔහු පවසන ඔශු පෙන්වා දෙන්නේ කාන්තාව සමරද්දි ඇය උතුරේද, බටහිර ද යන්න වැදගත් නොවන බවත් කාන්තාව කාන්තාවම බවත්ය. කාන්තාව දේශපාලනයට පැමිණිම තුල සොරකම, දුෂණය, වංචාව අඩු වෙතැයි කිව නොහැකි බවත් එය තර්කානුකූල සාකච්ඡාවක් බවත් නමුත් යම්තාක් දුරකට එය පාලනය කිරිමේ විභවතාවයක් පවතිනවා යැයිද එයට මහා…

Read More

1981 යාපනය මැතිවරණයේ ඡන්ද පෙට්ටි 02 ක් තාම අතුරුදහන්!

Provincial Council Elections history in sri lanka

2021 වසර ආරම්භ වන විටදීම ආණ්ඩුව විසින් ඉඟි පළ කර සිටියේ එළැඹෙන මාර්තු මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවටය. නමුත් රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මත එය වෙනස් වු නමුදු පළාත් සභා මැතිවරණය  අනිවාර්යෙන් මේ වසරේදී කෙසේ හෝ ආණ්ඩුව විසින් පවත්වන්නට සුදානම්ය. රටක ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන ඡන්ද බලය සහ ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා කිරීමට නම් නිසි කලට සහ නිසිලෙස මැතිවරණ පැවැත්විය යුතු බවත්  මැතිවරණ කල් දැමීමට ක්‍රියාකළහොත් එය මරණයට සහ රටේ විනාශයට හේතුවක්‌ වන බව මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාව සිටින කාලයේදි පවා ප්‍රකාශ කර තිබුණි. නුදුරේදීම පැවැත් වීමට නියමිත…

Read More