රජය හා පොලිසිය ගැන මහජනතාවගේ විශ්වාසය පලුදු වෙලා – SLCAT පොලිස්පතිට ලියයි.

c d wickramaratne police torture

රජයේ බලධරයන් විසින් බලය අවභාවිතා කිරීමේදී සමාජයේ දුර්වල සහ අසරණ ජනතාවට විරුද්ධව පමණක් නීතිය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සහ ඔවුන්ට ආරක්ෂාව සැපයීම ප්‍රතික්ෂේප කිරීම රජය හා පොලිසිය වැනි රජයේ ආයතන කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය දිගින් දිගටම පළුදු කරවන්නක් බව වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව පවසයි. ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ අත්තනෝමතික ලෙස අත්අඩංගුවේ රඳවා තබාගැනීම් හා අත්අඩංගුවේදී මරණයටපත් වීම වැලැක්වීම සඳහා යන මැයෙන් පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කරමිනි. වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුවේ අනුරාධපුර පුරවැසි කමිටුව, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මානව හිමිකම් හා සංවර්ධනය සඳහා මද්‍යස්ථානය, ඩාබිඳු…

Read More

1994 අංක 22 දරන වධහිංසාවට ලක්වූවන්ට සහය දීමේ පනතට මොකද වුනේ? – නන්දන මනතුංග පියතුමා

torture act sri lanka 1994 Father Nandana Manatunga

රජයේ පාර්ශවයෙන් වදහිංසාවට එරෙහි ව නඩු පැවරීම් මේ වන විට සිදුවන්නේ ඉතාමත් ම දුර්වල තත්වයක බවත් එනිසා වදහිංසාව පිළිබඳ නඩු නොපවරා නීතිය ක්‍රියාත්මක නොකරන පොලිස් නිලධාරීන්ට එරෙහිවත් පනතේ වගන්ති ප්‍රකාරව නඩු පැවරීම කළ යුතු බවට නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මහනුවර මානව හිමිකම් කාර්යාලයේ  අධ්‍යක්ෂ නන්දන මනතුංග පියතුමා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (27) දින පස්වරුවේ කොවිඩ් වසංගතය තුල වදහිංසනයේ වසංගතයට ඉඩ නොතබනු යන මැයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදීය. මෙය වදහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුව හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබුණි. මෙහිදි තවදුරටත්…

Read More

සැකකරුවන් මිය යාම සම්බන්ධ පරීක්ෂණ කිරීමට වෙනම ඒකකයක් අවශ්‍යයි – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

police custody death special unit Saliya Pieris

තමුන්ගේ භාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව හා වගවීම සම්බන්ධයෙන් පොලීසියට වගකීමක් තිබෙන අතර පොලිස් අත් අඩංගුවේ පසුවෙන පුද්ගලයෙකු පොලීසිය අතින් මරණයට පත් වුණොත් එය පිළිබඳව වෙනම පොලිස් ඒකකයක් විසින් විමර්ශනය කළ යුතු නමුත් කණගාටුවට කරුණ ඔවුන් වෙනුවෙන් පරීක්ෂණ පවත්වන්නේ එම ඝාතනය සිදු කළ පොලිස් ස්ථානය විසින්ම බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරීස් මහතා පවසයි. එසේම ඒ මහතා පෙන්වා දෙන්නේ පොලිස් භාරයේ සිටින අයෙකු මරණයට පත් වුනොත් ඒ පිළිබඳව අපක්ෂපාතී, ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු නමුත් අවාසනාවට ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් ක්‍රියාත්මක නොවන බවත් ඒ වෙනුවෙන් පොලිස් ඒකකයක්  ලංකාවේ…

Read More

ශ්‍රී ලංකා පුරවැසියන් වඩාත් අනාරක්ෂිතයි! – SLCAT කියයි!

sri lanka collective against torture Statement

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති නීතියේ ආධිපත්‍යයට සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසත් මෙම අයිතිවාසිකම් බලාත්මක කිරීම සඳහා, වැඩිවන දඩුවම් නොලැබ සිටීමේ ප්‍රවණතාවය වැළැක්වීම සහ විශේෂයෙන් වදහිංසා පැමිණවීම වැළැක්වීම සඳහා වහාම රජයේ ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටින බව වදහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා සාමූහිකය කියා සිටියි. වදහිංසාවලට ගොදුරු වූ වින්දිතයින්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී ඇති අතර ඒ නිමිත්තෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර සිටියි. එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත. පසුගිය වසර තුළදී, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට අනපේක්ෂිත  අභියෝගයන් රැසකට මුහුණ…

Read More